සත්සමුදුරෙන් ඇවිත් මීගමුවට සිනමා නෑකම් හැදු නිහාල්සිංහ !

0
497

2-sath-samuduradbd.b.nihalsinghe_1ඩි.බී .නිහාල්සිංහ නම් වු අග්‍රගන්‍ය සිනමාවේදියා  පිළිබදව අරුත්බර ඇගයුම් රැසක් මේ දිනවල සයිබර් අවකාශය පුරා එහා මෙහා හුවමාරු වෙමින් තිබේ.
මේ අතර අපගේ මතකයට නිතැතින්ම නැගුනේ ඔහු සත්සමුදුර චිත්‍රපට ඔස්සේ මීගමුවට තැනු සිනමා නෑකමයි .
මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු සත්සමුදුර යනු මෙරට සිනමා ඉතිහාසයේ කඩඉම් චිත්‍රපටයකි.
1967 පෙබරවාරි 02 වනදා ප්‍රථම වරට තිරගතවු සත්සමුදුර චිත්‍රපටිය මීගමුවේ කිර්තිමත් වෛද්‍යවරයෙකු වු ලීනස් දිසානායකගේ නිෂ්පාදනයකි.මෙහි කැමරා අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණයද සිදුකර තිබුනේ ඩී.බී.නිහාල්සිංහයන් විසිනි.
මෙරට නාට්‍ය කලාවේ නිර්මාතෘවරයා වු මීගමුව බෝලවලානේ පදිංචිව සිටි බෙන්ජමින් මාස්ටර්ගේ දියණිය වු ලිනා ප්‍රනාන්දුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේද සත්සමුදුර හරහාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here