සත්හඩ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට මැර ප්‍රහාරයක්..

0
74

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.

ඒ අද(12) ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ පියසේන ගමගේ ගේ මුලිකත්වයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගීවී සිටියදීය.

එහිදී පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්වල රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සහ කිරීමේදී පියසේන ගමගේ ගේ මැරයන් ඊට විරෝධය පළකර මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකොට ඇත.

අප වෙත වාර්තා වූ අන්දමට එම අවස්ථාවේ පරාජිත පියසේන ගමගේ ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුගේ උසිගැන්වීම මත මෙම ඉඳුල් කන මැර පිරිස මාධ්‍යවේදීයාට ප්‍රහාරය එල්ලකොට ඇත. තවමත් අප මාධ්‍ය සගයා එම ස්ථානයේ සිටින අතර මැරයින්ද එම ස්ථානයේ සිටිමින් ගම වාසීන් ඇතුළු ආඳා දොළ විදුලිබලාගාර ව්‍යාපෘතියට විරෝධය පළකළ පිරිස් වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

Daya_Nettasinghe

www.sathhanda.lk