සඳුදා සිට බිත්තර මිළ පහලට ….

0
169

eggතංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට අද (5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියා සිටින බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව අද (05) පස්වරුවේදී සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටි අතර එහිදී බිත්තර මිල සම්බන්ධයෙන් සහ නිෂ්පාදකයින්ගේ ගැටළු සාකච්ඡා කෙරුණ බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට එහිදී තීරණය කළ බවද, ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 19.50ක් සහ රතු බිත්තරයක තොග මිල රුපියල් 20ක් ද වන අතර,  සුදු බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් සහ රතු බිත්තරයක සිල්ලර මිල රුපියල් 22ක් ද වන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here