සභාපති ගේ ආණ්ඩුව විසින් ගරු නොකරන ”චොගම් ප්‍රඥප්තිය ” මෙන්න.?

0
131

CHOGM_2013_-_Final_Press_Conference_sliderheader2_c5පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රජාව වන අපි:

වෙනස් වෙමින් පවතින ආර්ථීක සංසිද්ධි මෙන්ම අවිනිශ්චිතභාවයට සහ නිරන්තර විපර්යාසයට ලක් වන ආර්ථීක සහ වාණිජ රටා මෙන්ම මෙයට පෙර නොඇසූ විරූ පරිදි සාමයට සහ ආරක‍ෂාවට තර්ජන එල්ල වෙමින් පවතින හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව අයිතිවාසිකම් ගැන මහජන ඉල්ලීම වැඩි වෙමින් පවතින මෙම යුගයෙහි සහයෝගයට සහ සංවර්ධනය උනන්දු කරන්නා වූ ඵලදායී එමෙන්ම යහපත් බලවේගයක් ලෙසින් පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්තිය පෙරටත් වඩා අත්‍යවශ්‍ය වෙමින් පවතින බව අප වටහාගෙන ඇත්තෙමු. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලය යනු ස්වාධීන හා සමාන රාජ්‍යයන්හි එකතුවකින් සැදුම් ලත් ස්වේච්ඡා සංගමයක්ය යන කරුණ සිත්හි ධාරණය කරමින් හා ඒ එක් එක් සාමාජිකයන් තමතමන්ගේ දේශීය ප්‍රතිපත්තිවලට වගකියන්නන්ය යන කරුණද පිළිගනිමින් මෙම මණ්ඩලය අන්‍යෝන්‍යව සහයෝගය දක්වමින් හා උපදේශන ලබා දෙමින් අපගේ ජනයාගේ පොදු යහපත උදෙසා මෙන්ම ජාත්‍යන්තර අවබෝධය මෙන්ම ලෝක සාමය වෙනුවෙන් ලෝක ප්‍රජාව උනන්දු කරමින් සියල්ලන්ගේම යහපත සඳහා පොදු ප්‍රතිපත්ති සහ අගයන් අනුව කි්‍රයා කරන්නකි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂී ශක්තිය රඳා පවතින්නේ අපගේ විවිධත්වයේ මෙන්ම ඛෙදා ගත් අපගේ භාෂාවේ සංස්කෘතියේ සහ නීිතියේ ආධිපත්‍යයයේ උරුමයෙහි සංකලනය මත මෙන්ම ඛෙදා ගත් ප්‍රෞඩ ඉතිහාසයකින් බැඳී ඇති සහ සියලූම රාජ්‍යවලට සහ එහි වැසියන්ට දක්වනු ලබන ගරුත්වය හා පොදු අගයන් සහ මූලධර්මවලින් මෙන්ම අනතුරාසන්න කොටස් පිළිබඳ වන සැලකිල්ල මගින් ශක්තිමත් වී ඇති බව සනාථ කරමින්ද,

සාකච්ඡා මගින් එකඟත්වය ළඟා කර ගැනීම – විශේෂයෙන් අත්දැකීම් ඛෙදා ගැනීම මගින් වන්නාවූ ප්‍රායෝගික සහයෝගිතාවය හරහා එය ළඟාකර ගැනීම – වනාහී පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවශේෂී ක්‍රමවේදය යැයිද, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් චේතනාරූඩ වී නව ආකාරයේ සුහදත්වයන් සඳහා වන පරමාදර්ශය ලොවට ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලය සුවිශේෂී ලෙසින් සැදුම් ලැබ ඇති බව සනාථ කරමින්ද,

එමෙන්ම කුඩා රටවල් අතර ඇත්තාවූ හා රාජ්‍යාන්තර විරුවෙකු ලෙසින් පිළිගැනීමක් ලබා ඇති පොදු රාජ්‍ය මණ්ඩලයේ භූමිකාව එම රාජ්‍යවල විශේෂ අවශ්‍යතාවයන් සඳහා පෙනීසිටිමින්ද, දේශපාලනය, ආර්ථීකය සහ සමාජ සංවර්ධන කටයුතු සඳහා වන ප්‍රතිපත්ති සහ උපදේශන ලබා දෙමින් තාක‍ෂණික සහයද ලබා දෙන බව සනාථ කරමින්ද,

පොදු රාජ්‍ය මණ්ඩලයට සහයෝගය දක්වන සහ එහි අගයන්ට මෙන්ම මූලධර්මලවට ගරු කරන අනේක රාජ්‍යාන්තර, පාර්ලිමේන්තු මුල් කර ගත් සහ වෘත්තීමය මෙන්ම සිවිල් සාමජ සංවිධානවල ජාලයේ දායකත්වයන් සාදරයෙන් පිළිගනිමින්ද,

පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලධර්ම පිළිබඳ සිංගප්පූරු ප්‍රකාශය, හරාරේ පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශය, පරිසරය මත වන ලංග්කාවී ප්‍රකාශය, මිල්බෘෘක් කි්‍රයාකාරී සැලැස්ම, ලැටිමර් මන්දිර වැඩසටහන, ඇබර්ඩීන් න්‍යාය පත්‍රය, පොදු රාජ්‍ය මණ්ඩල අගයන් සහ මූලධර්ම මත වන ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ තහවුරුව, ගරු කිරීම සහ අවබෝධය මත වන මුනයොන්යෝ වගන්තිය, වික්ටෝරියා වැව් පොදු රාජ්‍ය මණ්ඩල වසර, කාලගුණ විපර්යාස කි්‍රයාකාරී සැලැස්ම, ආහාර  ආරක‍ෂණය පිළිබඳ වන පර්ත් ප්‍රකාශය සහ තරුණන් මත ආයෝජනය කිරීම පිළිබඳ වන පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශය ආදියද ඇතුළත්ව   වසර ගණනාවක් පුරා නිර්වචනය කරන ලද හා ශක්තිමත් කරන ලද පොදු රාජ්‍ය මණ්ඩලයේ අගයන් සහ මූලධර්මවලට අපට ඇති කැපවීම හා අදාළතාවය සනාථ කරමින්ද,

තවද එකඟතාවයේ, පොදු කි්‍රයාකාරීත්වයේ, අන්‍යෝන්‍ය ගරුත්වයේ, විනිවිදභාවයේ, වගකීම් දැරීමේ, නීත්‍යානුකූල බවේ, අන්තර්කරණයේ සහ ප්‍රතිචාර දැක්වීමේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික මූලධර්ම සනාථ කරමින්ද මෙම ප්‍රඥප්තිය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික අගයන් සහ මූලධර්ම නැවතත් සනාථ කරන්නෙමු.

1. ප්‍රජාතන්ත්‍රවාදය

සෑම තනි පුද්ගලයෙකුටම ඔහු වාසය කරන සමාජය නිසි ස්වරූපයට පත් කිරීම උදෙසා නිදහස් සහ සාධාරණය ඡන්දවලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී කි්‍රයාවලියෙහි සහභාගී වීමට ඇති වෙන් කළ නොහැකි අයිතිය අප පිළිගෙන ඇත්තෙමු. දේශපාලන සදාචාරය හා එහි කි්‍රයාකාරකම් ආරක‍ෂා කර, එය ප්‍රවර්ධනය කිරීමේ වගකීම රජයන්, දේශපාලන පක‍ෂ සහ සිවිල් සමාජය සතු වන අතර ඔවුන් මහජනයාට මේ පිළිබඳ වගකීම් දැරිය යුත්තන්ය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කි්‍රයාත්මක කිරීමෙහි පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන සහ පරිපාලනයේ අනෙකුත් ස්වරූප මේ සඳහා වන අත්‍යවශ්‍ය සංඝටක වෙති. පොදු රාජ්‍ය මණ්ඩලයේ අගයන් නොකඩවා උල්ලංඝණය කරනු ලබන සෑම විටෙකම ඒ ගැන නොපමාව  සහ ඵලදායීව හ~ නැගීමට කිසිදු බියක් හෝ පක‍ෂපාතිත්වයකින් තොරව ඉදිරිපත් වන්නට පොදු රාජ්‍ය මණ්ඩල අමාත්‍යමය කි්‍රයාකාරී කණ්ඩායමේ භූමිකාවට අප සහය දක්වන්නෙමු.

2.මානව හිමිකම්

මානව හිමිකම් පිළිබඳ වන විශ්ව ප්‍රකාශයට මෙන්ම මෙය මත වන අන් ජාත්‍යන්තර ගිවිසුම් සහ ප්‍රඥප්තිවලටද අප බැඳී ඇත්තෙමු. සාමකාමී, සාධාරණ සහ ස්ථාවර ජන සමාජයකට අවශ්‍ය මූලික පදනම වන්නාවූ කිසිදු කොන්කිරීමකින් තොරව සියල්ලන්ටම සංවර්ධනය සඳහා වන අයිතියද ඇතුළත්ව සියලූ සිවිල්, දේශපාලන, ආර්ථීක, සමාජීය සහ සංස්කෘතික අයිතීන් ආරක‍ෂා කර ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා සමානාත්මතාවයට අප කැපවී සිටින්නෙමු. එමෙන්ම මෙම අයිතීන් විශAව අගයන් ඇති කරුණු බවද, වෙන් කළ නොහැකි එමෙන්ම එකක් අනෙක මත අන්තර් ආධීනව පවත්නා අයිතීන් යැයිද, එකක් අත් හැර අනෙකක් පමණක් කි්‍රයාත්මක කළ නොහැක යැයිද අප වටහා ඇත්තෙමු. තවද ලිංගය, වර්ණය, ජන වර්ගය, ගෝත්‍රය, දේශපාලන බැඳීම හෝ අන් කිසිදු කරුණක් අනුව කරනු ලබන සියලූම ආකාරයේ කොන්කිරීම් අප තරයේ හෙළා දකිමු.

3. ජාත්‍යන්තර සාමය, ආරක‍ෂාව

චිරස්ථායී ආර්ථීක සංවර්ධනය මෙන්ම නීතියේ ආධිපත්‍යය ආදිය වනාහී සියල්ලන්ගේම දියුණුව සහ සමෘද්ධියට අත්‍යවශ්‍ය යැයි අප උදක් විශ්වාස කරන්නෙමු. මෙය අනුව චෞරත්වය සහ ත්‍රස්තවාදය ඇතුලූ අනෙකුත් ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා අන්තර්කරණය, සමානතාවය, යුක්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ඵලදායී බහු පාර්ශ්වික ක්‍රමවේදයක් සඳහා අප කැප වී සිටින්නෙමු.
සාමය සහ අවි ගොඩ ගැසීම අඩු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහු පාර්ශ්වික සංවිධාන සිදු කරමින් සිටින වෑයම්වලට අප සහය දක්වන්නෙමු. එමෙන්ම ගෝලීය, දේශපාලන, ආර්ථීක සහ සමාජ ගැටළු නිරාකරණය කිරීම සඳහා වන ජාත්‍යන්තර එකඟතා ප්‍රවර්ධනය කිරීමට අප දායක වන්නෙමු. තවද රටේ සෑම පුරවැසියෙකුගේම ආරක‍ෂාව, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා වන අපගේ කැපවීම මගින් අප මග දක්වනු ලබන්නෙමු.

මිනිස් ජීවිත හානි, දේශපාලනය, ආර්ථීකය සහ සමාජ ස්ථාවරත්වයට එරෙහිව සිදු කරනු ලබන දරුණු ත්‍රස්තවාදී කි්‍රයා ලොව ඕනෑම තැනෙක ඕනෑම ස්වරූපයකින් හා කවුරුන් විසින් කරනු ලැබුවද ඒ සියල්ල අප තරයේ හෙළා දකින බව නැවත නැවතත් අවධාරණය කර සිටින්නෙමු. එමෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලාධිකාරිය යටතේ විවිධ ජාතීන් එක් වූ සමූහයක් ලෙසින් මෙන්ම හුදෙකලාවද සහ සාමුහිකවද කි්‍රයා කිරීමට අප තිර අදිටන් කර ඇත්තෙමු.

 

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය සංඝටක වන ඉවසා දැරීම, ගරුත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උනන්දු කිරීමේ අවශ්‍යතාවය අප අවධාරණ කරන අතර සාමය සහ සමෘද්ධිය සඳහා සියලූම තනි පුද්ලගයන්ට ගරු කිරීම ඉතා වැදගත් බවද විශ්වාස කරන්නෙමු. තවද පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලධර්ම සහ ආකල්ප සඳහා අපගේ විවිධාකාර අනන්‍යතාවයන්වල පොහොසත් බව වටහා ගැනීම අත්‍යවශ්‍ය බවද අප පිළිගන්නෙමු.

5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය

නිදහස් සහ වගකීමෙන් කි්‍රයා කරන මාධ්‍ය යාන්ත්‍රනයක් හරහා සිදු කරනු ලබන සාමය මුල් කරගත් විවෘත සංවාදයට සහ නිදහස් තොරතුරු ප්‍රවාහය සඳහා මෙන්ම ප්‍රජාතාන්ත්‍රික සාදාචාරයන් සහ එම සම්ප්‍රදායයන් ජවාධික කිරීමට අප කැප වී ඇත්තෙමු.

6.බලය වෙන් කිරීම

අධිකරණයේ, විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භූමිකාවල ඒකාග්‍රතාවය පැවැත්වීමේ වැදගත්කම අප මනාව වටහා ඇත්තෙමු. නීතියේ ආධිපත්‍යයේ විවිධ පැතිකඩ සහතික කරන සංඝටක මේවා වන අතර මානව හිමිකම්වල මූලික මූලධර්ම රක‍ෂා කිරීම සහ යහපාලනය තහවුරු කරන්නේද මෙම කරුණුය.

7. නීතියේ ආධිපත්‍යය

පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනතාව ආරක‍ෂා කිරීම සඳහා මෙන්ම සීමා ඇති සහ වගකීම් දරණ රජයක් සඳහා නීතියේ ආධිපත්‍යය අවශ්‍ය කරුණක් බව අප විශ්වාස කරමු. විශේෂයෙන් මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා මෙන්ම යුක්තිය පසිඳලීම සඳහාද ස්වාධීන, අවංක, අපක‍ෂපාතී, ඵලදායී හා කාර්යක‍ෂම අධිකරණ පද්ධතියක් අවශ්‍ය බව අප හඳුනා ඇත්තෙමු.

8. යහපාලනය

විනිවිදභාවය සහ වගකීම් දැරීම තහවුරු කිරීම උදෙසා නීතියේ ආධිපත්‍යය හරහා යහපාලනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර මට්ටම්වලින් සිදු වන සැලසුම් සහගත දූෂණය තුරන් කිරීමට අප කැප වී සිටින්නෙමු.

9. චිරස්ථායී සංවර්ධනය

ස්වාභාවික සම්පත් පද්ධතිය සංරක‍ෂණය කරනා අතරම සමාජ සමානතාවය උනන්දු කරමින් සහ  අන්තර්තකරණ වර්ධනය මගින් දුගී බව තුරන් කිරීම සඳහා චිරස්ථායී සංවර්ධනයේ වැදගත්කම අප හඳුනා ඇති අතර, දුගී බව තුරන් කිරීම සඳහා මෙන්ම ලොව අති බහුතරයකගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා චිරස්ථායී ආර්ථීක සහ සමාජීය විපර්යාසයෙහි වැදගත්කමද අප අවධාරණය කරන්නෙමු. එමෙන්ම, ජාත්‍යන්තරව එකඟතා පළ කර ඇති සංවර්ධන ඉලක්කවලින් මග දක්වනු ලබමින් පුළුල් අසමානතා ඉවත් කර සියල්ලන් අතරම සමාන ජීවන තත්වයක් ඇති කිරීමට අප කැප වී සිටින්නෙමු. තවද ආර්ථීක නම්‍යතාවයන් ගොඩ නැගීමට මෙන්ම සමාජ සමානතා ප්‍රවර්ධනය කිරීමටද අප කැපවී සිටින අතර තාක‍ෂණික සහය, ධාරිතා ගොඩනැගීම සහ සංවර්ධනය උනන්දු කිරීම සඳහා ප්‍රායෝගික සහයෝගීතාවය ලබා දිය යුතුය යැයිද අප අවධාරණය කරන්නෙමු.

ඵලදායී සාමානාත්මතාවයෙන් යුත් රීතීන් මත පදනම් වූ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියක් සඳහාද අප කැප වී සිටින අතර කුඩා සහ දියුණු වෙමින් පවතින රටවල විශේෂ අවශ්‍යතාවයන් ගැනද සැලකිලිමත් වෙමින් සැමට සාධාරණ වාණිජ කි්‍රයාවලියක් වෙනුවෙන්ද අප කැප වී සිටින්නෙමු.

අපගේ ආර්ථීක වර්ධනය සහ කාර්යක‍ෂමතාවය, අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතීන් ගැන දැනුවත් වීම හා ඛෙදා හදා ගැනීම ආදි විෂයයන්වලට අදාළව සංවර්ධනය සඳහා වන ප්‍රබල මෙවලම් ලෙසින් තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණයේ වැදගත්කම අප වටහා ඇත්තෙමු. අපගේ සමාජයන් දියුණු කිරීමේ අරමුණ උදෙසා මෙම අංශය ශක්තිමත් කිරීමට මෙන්ම එය සංරක‍ෂණය කිරීමටද අප නිබඳ කැප වී සිටින්නෙමු.

10. පරිසරය සංරක‍ෂණය

අපගේ ස්වාභාවික පරිසරය රකිමින් එය සංරක‍ෂණය කිරීමේ වැදගත්කම මෙන්ම චිරස්ථායී පරිසර කළමනාකරණය යනු මානවයාගේ දිගු කල් පැවැත්මට අත්‍යවශ්‍ය මූලික කරුණක්ය යන කරුණද අප හොඳාකාරව අවබෝධ කර ඇත්තෙමු. තවද විශේෂයෙන් කාලගුණ විපර්යාසය නිසා උද්ගත වන අභියෝග අවම කිරීමේ ක්‍රමෝපා ආදේශ කිරීම අවධාරණය කිරීම සහ දැරිය හැකි පිරිවැය සහිත සහ පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති තාක‍ෂණ සඳහා පහසුකම් සපයා, ඒවා සංවර්ධනය කර ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම විෂ සහිත අන්ත්‍රාකාරී අපද්‍රව්‍ය ගොඩ ගැසීම සහ ඛාදනයද, කාන්තාකරණයද වැළැක්වීම උදෙසා බහු පාර්ශ්වික සහයෝගය, නිරන්තර කැපවීම මෙන්ම සාමුහිකව ක්‍රියා කිරීම ආදියෙහි වැදගත්කම අප හඳුනා ඇත්තෙමු.

11. සෞඛ්‍යය, අධ්‍යාපනය, ආහාර සහ නිවහන සඳහා වන ප්‍රවිෂ්ටය

සියලූම අයට දැරිය හැකි සෞඛ්‍ය සත්කාරය, අධ්‍යාපනය, පිරිසිදු පානීය ජලය, සනීපාරක‍ෂාව සහ නිවාස සඳහා සියල්ලන්ටම ප්‍රවේශය තිබිය යුතුය යන කරුණ අප හඳුනා ඇති අතර, බෝවන සහ බෝ නොවන රෝග හට ගැනීම වැළැක්වීම සඳහා සෞඛ්‍යය සහ යහ පැවැත්ම පිළිබඳ සංවේදි බවක් ඇති කළ යුතුය යැයිද අප විශ්වාස කරමු. තවද ජාතික ආහාර ආරක‍ෂණ පසුබිම යටතේ ප්‍රමාණවත් ආහාර සඳහා වන අයිතිය ප්‍රගතිගාමීව සාක‍ෂාත් කර ගැනීමේ ප්‍රතිපත්තියට අනුකූලව ආරක‍ෂාකාරී, ප්‍රමාණවත් සහ පෝෂණීය ආහාර සැමට ලැබිය යුතුය යන කරුණද අප අවබෝධ කර ඇත්තෙමු.

12. ලිංග සමානතාවය

ලිංග සමානතාවය මෙන්ම කාන්තාවන් බලාත්මක කිරීම යනු මානව සංවර්ධනයෙහි මෙන්ම මූලික මානව අයිතිවාසිකමෙහිද වැදගත් සංඝටකටයන් යැයි අප හඳුනා ඇත්තෙමු. කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම දැරියන් සඳහා වන අධ්‍යාපනය වනාහී ඵලදායී සහ චිරස්ථායී ප්‍රගතිය සඳහා වන මූලික කොන්දේසියක්ය යන කරුණද අප අවබෝධ කර ඇත්තෙමු.

13. තරුණ තරුණියන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇති වැදගත්කම

සංවර්ධනය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම තමන්ගේ නොවන සංස්කෘතීන්වලට ගරු කිරීමද ඇතුළත්ව ඉවසා දැරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් අගයන් ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තරුණියන්ගේ දායකත්වය සහ ඔවුන්ගේ කි්‍රයාශීලී එමෙන්ම ධණාත්මක භූමිකාවේ වැදගත්කම අප හඳුනා ඇත්තෙමු. තවද පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත ජයග්‍රහණය රඳා පවතින්නේද එහි අගයන් සහ මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සහ පැවැත්ම රැඳී ඇත්තේද තරුණන්ගේ නොනිමි කැපවීමෙහි සහ දායකත්වයෙහි යැයිද අප අවබෝධ කර ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රගතිය උනන්දු කර විශේෂයෙන් තරුණ ව්‍යවසායකයන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කර තාරුණ්‍යයෙහිි ආයෝජනය කිරීමේ වැදගත්කමද අප වටහා ඇත්තෙමු.

14. කුඩා රටවල අවශ්‍යතාවයන් හඳුනා ගැනීම

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇති කුඩා සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට, සුවිශේෂී ලෙසින් සංවර්ධනය වෙමින් සිටින කුඩා දූපත් රාජ්‍යවලට, ඔවුන්ගේ ආර්ථීක, බලශක්ති, කාලගුණ විපර්යාස සහ ආරක‍ෂාවට අදාළ අභියෝග සහ සංකීර්ණතා නිරාකරණය කර ගැනීමට මෙන්ම අනාගතය සඳහා වන ශක්තිය ගොඩනගා ගැනීමට සහය දැක්වීමටද අප කැප වී ඇත්තෙමු.

15. අනතුරාසන්න රාජ්‍යවල අවශ්‍යතාවයන් හඳුනා ගැනීම

ඌන සංවර්ධනයක් ඇති රටවල්ද ඇතුළත්ව අන්ත දුගී සහ අතිශය අනතුරාසන්න රටවලට කඩිනම් සහය ලබා දීම සඳහා මං සෙවීමට සහයෝගිතා ගොඩනැගීම හරහා වැඩි අවදානමට ලක්ව ඇති ජනයා ආරක‍ෂා කර සංවර්ධන ප්‍රතිචාර දැක්වීමට අප කැප වී සිටින්නෙමු.

16. සිවිල් සමාජයේ භූමිකාව

සාමකාමීව එක් රැස්වීම සහ සමාගම පැවැත්වීම සඳහා වන නිදහස මෙන්ම සංවර්ධන ගෝල අත් කර ගැනීම ආදියද ඇතුලත්ව පොදු රාජ්‍ය මණ්ඩල අගයන් සහ මූලධර්ම නගා සිටුවීම උදෙසා අපගේ ජන සමාජවල සහ රටවල සිවිල් සමාජයේ භූමිකාවල වැදගත්කම අප හඳුනා ඇත්තෙමු.

පොදු රාජ්‍ය මණ්ඩල සංකල්පය වනාහී එහි සාමාජික රටවල අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වන්නා වූ සහ අනාගතයේ ඔවුන්ට ඇති විය හැකි ගෝලීය අභියෝග ජය ගැනීමට සහය වීමේ හැකියාව ඇත්තාවූ යාන්ත්‍රණයක්ය යන කරුණ සනාථ කිරීම අප කැප වී සිටින්නෙමු.

පොදු රාජ්‍ය මණ්ඩලය යනු දැවැන්ත ගැටලූ ගැන කථා කරන, එහි ජාලය නිබඳ ශක්තිමත් කරමින් හා ගෝලීය වලංගුභාවයක් සහ ප්‍රතිරූපයක් ඇති එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කැප වී සිටින සහ ලොවෙහි ප්‍රබල සහ ගරු කටයුතු හ~ක් බවට පත් කිරීම අපගේ අත්‍යන්ත අපේක‍ෂාව වෙයි.

පොදු රාජ්‍ය රටවල ප්‍රධානීන් විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රඥප්තිය ආදේශ කර ගත් 2012 දෙසැම්බර් 12 වැනි දින අත්සන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් ජනරාල් අති ගරු කමලේශ් ෂර්මා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here