සමන් ආතාවුදගේ කතා පොතක් එළිදැක්වෙයි

0
390

14469468_1175750955814393_894643646750846131_nස්වාධින රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂක සමන් ආතාවුදහෙට්ටි මහතා ඔහුගේ ජීවිතයේ සමීපව ඇසුරු කළ සුවිශේෂ පුද්ගලයින්ගේ ජීවන සැමරුම්හිදී කළ කථනයන් ආශ්‍රෙයන්  රචිත ග්‍රන්ථයක් ‘‘ සමන් කියයි “ එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඔක්තෝබර් 10 සඳුදා සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ B කමිටු ශාලාවෙදි පැවැත්වීමට නියමිතය.


[divider]
‘සමන් කතා කරනවා අහන් ඉන්න ආසයි.’ බොහෝ දෙනෙක් මට මෙහෙම කියල තියෙනවා. ඇත්තටමද දන්නෙ නැහැ.
කොහොම වුණත්, මගේ ජීවිතයේ ඉතා සමීපව ඇසුරු කළ සුවිශේෂ පුද්ගලයින්ගේ ජීවන සැමරුම් අවස්ථා කිහිපයකදි මං කළ කතා 05 ක් මුද්‍රිත කෘතියක් ලෙස ඔබ හමුවට ගෙනඑන්න සූදානම්.

ප්‍රේම් පොඩියි. ( ප්‍රේමකීර්ති ද අල්විස් )

දයා තරුණයි. ( දයා ද අල්විස් )

නන්දා දුප්පත්. ( නන්දා මාලනී )

වික්ටර් ගැඹුරුයි. ( වික්ටර් රත්නායක )

කළණි හයිබ්‍රිඩ්. ( කළණි පෙරේරා )

‘සමන් කියයි.’ ඇම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක්.

ඔක්තෝබර් 10 සඳුදා සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ B කමිටු ශාලාවෙදි පැවැත්වෙන‘සමන් කියයි’ කෘතිය ජනගත කිරීමේ උළෙලදි ඔබ සැම හමුවන්න කැමතියි.

මගේ කතා කියවන්න, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය සරත් විජේසූරිය ගේ කතා අහන්න එදින පැමිණෙන්න.

Save

Save

Save