ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය චිප් එකකට – වෛද්‍යවිද්‍යාව උඩුයටිකුරු වන ලකුණු

0
166

මිනිසුන්ගේ හා මීයන්ගේ පටක යොදා ගනිමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරී අනුරුවක් නිර්මානය කිරීමට හැකි වූ බව ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අත්ලක තරම් වූ ප්‍රමාණයෙන් යුතු මෙම නිර්මානයේ කිසිවක් ගර්භාෂය,පැලෝපීය නාලය හෝ ඩිම්බ කෝෂ ලෙස නොපෙනුනත් පරීක්ෂකයන් පවසන්නේ මෙම නිර්මානය මගින් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයව වල හා පටක රෝගී තත්වයන් හදුනාගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. එලෙසම ප්‍රතිකාරක්‍රම අත්හදාබැලීමේ නව ක්‍රමයක් වශයෙන් මෙය යොදාගතහැකි බවත් මෙහි පරීක්ෂකයන් පවසනවා.

සම්පූර්ණ මිනිස් ශරීරයම එක් චිපයක් මත ගොඩනැගීමට ගන්නා උත්සහයේ එක් අදියරයක් වශයෙන් මෙමනිර්මාණය පරීක්ෂකයන් විසින් හදුන්වාදෙනවා. එමනිසා මෙම නිර්මාණයේ අවසන් ඉලක්කය වන්නේ සියම් පුද්ගලයෙකුගේ සෛල යොදාගනිමින් එම පුද්ගලයාටම විශේෂිතවූ අනුරුවක් නිර්මාණය කර එමගින් ප්‍රතිකාර ක්‍රම,ඖෂධ හෙ ඒවා මගින් ඇති වන අතුරුබලපෑම් සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමයි.

ඔසප් චක්‍රය චිපයක් මත

මෙම ත්‍රිමාන චිපය නිර්මානය වී ඇත්තේ කැට වැනි උපකරණ කිහිපයකින් වන අතර ඒ එක් එක් කැටයක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ එක් එක් අවයවයන් නියෝජනය කරමින් එම අවයවයන්ගේ ජීවී සෛලද දරනවා. මෙම කැට එකිනෙක කුඩා බට වලින් සම්බන්ද වී ඇති අතර ඒ බට හරහා රුධිරයට සමාන තරලයක් ගමන් කරන බවයි පරික්ෂකයන් සදහන් කරන්නේ.
එලෙසම සාමාන්‍යයෙන් දින 28ක් තුල සිදුවන ස්ත්‍රී ඔසප් චක්‍රයේදී සිරුරේ සිදුවන හෝමොන වෙනස්වීම්ද මෙම පද්ධතියේ සිදුවෙනවා. ඒ අනුව ස්‍ත්‍රී ශරීරයක් තුල සිදුවන හෝමෝන වෙනස්වීම් වලට මෙම චිපය සංවේදී බවයි මෙය නිර්මාණය කල විද්‍යාඥයින් පවසන්නේ. ඒ අනුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් මෙන්ම,දරුඵල අහිමි වීම,ගබ්සාවීම වැනි තත්වයන් කල්තියා හදුනාගෙන ඒවාට ප්‍රතිකාර කල හැකි බවයි ඔවුන් පවසන්නේ.
ස්‍ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාල අවයවයන්ට අමතරව ඖෂධ වල පරිවෘතීය ක්‍රියාවලිය සිදුවන අක්මාවත් මෙම චිපයට එක්කර තිබෙනවා.

_95365336_capture.png
ස්‍ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාල චිපය

ඒ අනුව මෙම නිර්මාණය අනාගත වෛද්‍යවිද්‍යාව උඩුයටිකුරු කරන නිර්මාණයක් වනු ඇති බවයි විද්‍යාඥයන් මත පල කරනවා.

http://www.bbc.com ඇසුරිණි