සමුපේ උපසභාපතිගේ බෑග් මගඩිය !

0
114

school bag(10.30 am )මිගමුව සමුපාකාරය පසුගිය කාලය තුල මහනගර සභාව මෙන්ම පුවත් මවන තැනක් බවට පත්ව තිබේ. එයට හේතුව වි ඇත්තේ සමුපාකාරයේ ලොක්කන් බවට පත්ව සිටින ජාවාරම්කාරයන් නිසාය.
මෙහිදි වැඩිම චෝදනා එල්ලවි ඇත්තේ සමුපේ සභාපතිට සහ එහි උපසභාපති හටය.
මේ මගඩි සෙල්ලම්  කොයිතරම් ද කියනවා නම් බැංකුවලින් මෙන්ම සමුපාකාර කොමසාරිස්වරයාගෙන් පාවා අනතුරු ඇගවිමේ ලිපි දැන් ලැබෙමින් තිබේ.
දැන් කරළියට එමින් ඇති මගඩියට හවුල් යැයි කියන්නේ එහි උපසභාපතිය. ඔහු සිය ධුරය ආරම්භයේ සිට සිදුකරන්නට යෙදුන සමුප නිතියට එරෙහිව කාරණා අපමණය.
සමුපකාරයට පරිඝණක ගත කිරිමේ කටයුත්තට අදාලව කාරණා සිදුව තිබුනේ මේ උපසභාපතිගේ පරිඝණක ආයතනය හරහාය.
දැන් තවත් සෙල්ලමකි.
ඒ පාසැල් බෑග් බිස්නස් එකක්ය. ගිය වසරේ ද මෙය සිදුකර තිබුණි. සණස ආයතනයකින් අදාල දැ ගන්නේ නම් එය ටෙන්ඩර් කළ යුතු නොවේ.
මේ නීතියට මුවා වි උප සභාපතිවරයා අඟුරුකාරමුල්ලේ සණස සමිතියෙන් බෑග් 2000 ක් පමණ මිළට ගෙන තිබේ. ඒ සමුපාකාරයේ සමාජිකයන් හට අලෙවි කිරිම සදහාය.
මෙහි හොදම මගඩිය වන්නේ අගුරුකාරමුල්ලේ සණස සමිතියේ සභාපතිවරයා වන්නේ ද මේ උපසභාපතිවරයාම විමය.
කෙසේ වෙතත් සමුපාකාරයේ මුදල් යොදවා ගනු ලැබු මේ පාසැල් බෑග් දැන් අලෙවිකර ගත නොහැකිව ඔහේ ගොඩ ගසා තිබේ. මේ මුදල සමුපාකාරයේ පාරිභෝගික අංශයට යෙදවුයේ නම් ඉන් පැහැදිලි ලාභයක් ගත හැකිව තිබුණි.
මෙවර බෑග් තොගයෙන් තවත් බෑග් 1500 ක් පමණ ඉතිරි වි තිබේ.ඉතින් මේ පාඩුවට වගකියන්නේ කව්ද ?