සමූපාකාරයේ සල්ලි වලින් මාලන් අප්පුහාමි ඇතුලු 06 දෙනෙක් බැංකොක් සවාරියක ?

0
111

නාත්තන්ඩිය විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් පිිරිසක් මේ දිනවල තායිලන්තයේ විනෝද සංචාරයක නිරත වී සිටින බව වාර්තා වේ. සමූපාකාර සමිතියේ සාමාජිකයින් පවසන පරිදි මෙම සංචාරය සඳහා මුදල් ලබාගෙන ඇත්තේ සමුපාකාර සුබසාධන සංගමයේ සහ සමූපාකාරයේ මුදල් වේ. ගුවන් ටිකට්පත රු 60 000ක් වී ඇති අතර එයින් රු 30 000ක් ලබාගෙන ඇත්තේ සුබසාධන සංගමයෙන් වන අතර ඉතිරි මුදල සහ දිනකට වියදම වන ඩොලර් 30 ක මුදල සමූපාකාර මුදල් වලින් ලබාගෙන ඇති බවට සාමාජිකයෝ චෝදනා කරති. මෙවැනි සංචාර 04ක් පමණ මේ වනවිට ගොස් ඇති බවද මේ සියලු ගමන් වලට සමූපාකාර මුදල් අයුතු ලෙස යොදාගෙන තිබෙන බවද වාර්තා වේ. මෙම සංචාරය සඳහා නාත්තන්ඩිය  විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති මාලන් අප්පුහාමි සහ උප සභාපතිවරයා අතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 05 දෙනෙකු සහභාගී වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට මාරවිල සහ කොස්වත්ත ශාඛා වල  සමූපාකාර වල පාරිභෝගික භාන්ඩ ලක්ෂ ගණනක අතුරුදහන්වීමක් සිදුවී ඇති බවත් ඒ පිළිබඳව තවමත් පරීක්ෂණ ආරම්භ වී නැති බව ද වාර්තා වේ.