සයිනොෆාම් එන්නත් ගෙනාවත් සිරින්ජර් ගෙනත් නැහැ ?

0
48

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

චීනයේ බෙයිජිං නුවරින් අද අලුයම 12.15ට එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය අලුයම 05.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.  

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 865 දරන දෙවන ගුවන් යානය අනෙක් එන්නත් මාත්‍රා මිලියනය රැගෙන, අද අලුයම 01.45ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලුයම 06.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.   ගුවන් තොටුපළ වෙත රැගෙන ආ මෙම එන්නත් තොගය, මෙම ගුවන් යානා වලින් ගොඩ බෑ වහාම ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.  
අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගිය බව ගුවන් තොටුපල ආරංචිමාර්ග සඳහන් කරයි.    
සිරින්ජර් ඇනවුම් කර තිබී නැහැ ?  
සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ගෙන ඒමට චීනයේ බෙයිජිං නුවරට ගුවන් යානා දෙකක් යවා තිබුනද බලධාරීන් විසින් ඊට අවශ්‍ය එන්නත් සිරින්ජර් අනවුම්කර නොමැතිබව අනාවරණය වී ඇත්තේ ගුවන්යානා පිටත්කර යැවීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.  

මෙම එන්නත් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ ශැන්ග්හයි හිය. ඒ අනුව එන්නත් සිරින්ජර් ඇනවුම් කර බෙයිජිං නුවරට ගිය ගුවන් යානාවක් අනතුරුව ශැන්ග්හයි වෙත යවා සිරින්ජර් ගෙන්වා ගැනීමට උත්සහකර ඇතත් ගුවන් ගමන් මාර්ග කඩිමුඩියේ වෙනස්කිරීමට නොහැකිවීම නිසා එම උත්සාහය අසාර්තවී ඇතැයි පැවසේ. 
ඒ අනුව අද දිනයේ මෙරටට ගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා සඳහා අවශ්‍ය එන්නත් සිරින්ජර් රැගෙන එම සඳහා තවත් ගුවන් යානයක් සඳුදා ශැන්ග්හයි වෙත යැවීමට නියමිත බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 
theleader.lk