සරත් ගුණරත්න කැමතිම නගරාධිපති දායන් ලංසාද ?

0
58

nimal sarath dayanසරත් ගුණරත්න සහ ලංසා පවුල අතර පැවැති දේශපාලනික අරගලය සදාතනිකය.එහෙත් හැම විටම නිමල් ලංසා ගැටුම මැද වුවද ඒවා කළමණාකරණය කරගෙන අවැසි අයගේ සහය උපරිමයෙන් ගන්නට දස්සයෙකි.
පසුව ඉවත්ලන එක වෙනමම කරුණකි.
ඔහු මේය ඉගන ගන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂගෙන් විය යුතුය.
එයට අපි කොන්ඩම් න්‍යාය යැයි කියමු.
මහින්දගෙන් කොන්ඩම් න්‍යාය ඉගන ගත් ලංසා දැන් එය උපරිමයෙන් භාවිතා කරමින් සිටි.
සරත් ගුණරත්නට 2011 වසරේදිම සල්ලාලයෙකු වු දයාන් ලංසා දැන් හොදම නගරාධිපති දැයි යන ප්‍රශ්ණය අද මීගමුවේ දේශපාලනය ගැන බුද්ධිමත් ලෙසින් සිතන අය අතර සංවාදයක් බවට පත්ව තිබේ.
මෙයට හේතුව වි තිබුනේ 2018 අප්‍රේල් 04 වනදා මීගමුව මහනගර සභාවේ මංගල සැසිය වෙනුවෙන් සරත් ගුණරත්න විසින් පවත්වන්නට යෙදුන කථාවේදි ඔහු විසින් කියා ඇතැයි යන කරුණු කිපයක් අරභයාය.
එහිදි ඔවුන් කියු කරුණු අතර වු එක් කරුණක් මේ කථාබස් අතර තේමාව වි තිබේ.
එනම් 2011 දි තමන් දයාන් ලංසාට නගරාධිපතිකම නොදිම ගැන කණගාටු වෙනවාය යන අදහස මතුවෙන අකාරයේ ඉදිරිපත් කිරිමක් කර තිබිමය.
සරත් එදා ඇත්තටම බරපතල ලෙසින් විරෝධය පැවා පමණක් නොව දයාන් වෙනුවට ඒ තැනට  රොයිස් විජිතව පවා ගෙනඒමට මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඒ ගැන සාකච්ජාව පැවැතියේ තිල්ලන්දුව දෙව්මැදුරේ වන අතර ඒ සදහා සරත් ගුණරත්නගේ බෑනා මෙන්ම හර්මන් කුරේරාගේ පුතෙකුද  මැදිහත්වි තිබුණි.
ඒ තරම් දුරකට ගිය සරත් ගුණරත්න 2018 දි දයාන් ලංසා මීගමුව ට සුදුුසුම නගරාධිපති යැයි කියන්නේ ඇත්තටම අවංකවමදැයි දන්නේ ඔහුම පමණි.
වැඩියෙන් දෙවියන් හදන ඔහු ඔහුටම අවංකවදැයි දන්නේද ඔහුත් ඔහුගේ දෙවියනුත් පමණි.
දේශපාලනික ජේෂ්ඨයෙකු වන සරත් ගුණරත්න දැන් පත්ව ඇත්තේ පෙරළුණ පිට හොදියි කියන දේශපාලන න්‍යායකටදැයි ඔහුගේ සමිපතයන් පවා ප්‍රශ්ණ කර සිටිති.
මේ නිසාම දැන් ඔහුවට වටකොට හිරවෙන තරම්  බොහොමයක් දැ  සිදුවෙමින් තිබේ.
තමන්ගේ අතිරේක මන්ත්‍රි ලයිස්තුවේ ඇවැසි ධුරයක් පත්කරගැනිමට ලංසා පවුල විසින් ඉඩනොදුන අයුරු දැන් සරත් ගුණරත්නට අමතකව ගොසින්දැයි ඔහු සමිපයේ සිටින අයම අසති.
සරත් ගුණරත්න විසින් තෝරාගෙන ඇති මේ මාවතේ අවසානය දේශපාලිනික සියදිවි නසාගැනිමක් පමණක්ම වනු ඇත.