සරත් ගුණරත්න වැඩ අල්ලයි !

0
189

sarath 11(3.35 pm ) ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ජේෂ්ඨතම ශ්‍රිලනිප දේශපාලකයා වන සරත් ගුණරත්න මෙවර මීගමුවට තිරාණාත්මක දේශපාලන මැදිහත්විමක් සදහා දැනටමත් වැඩ අල්ලා  ඇති බව සැලය.
මහින්ද රාජපක්ෂ පවුල හා පුද්ගලිකව කිට්ටු බැදිමක් ඇති ගුණරත්න පවුල මීගමු දේශපාලනය තුල ලංසා පවුලට ඉදිරියේදි අභියෝගයක් විය හැකි බවට දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන කවයන් අතර කථාබහට ලක්වෙමින් තිබේ.
ඔහු පළාත් සභාවට ඉදිරිපත් වන්නේ නම්  ගම්පහ දිස්ත්‍රික් දේශපාලනයට ප්‍රබල බලපෑමක් සිදුකළ හැකිව ඇතැයි ඔහුට සමිප දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.sarath G 12sarath G 3sarath 1
දිස්ත්‍රික්කයේ තම ජේෂ්ඨයාට සහය දිම සදහා දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයන් රැසක්ද මේ වන විට සුදානමින් සිටින බව මේ පිළිබදව අප කළ විමසුමකදි ඇතැම් ජේෂ්ඨයෝ මිපුරට කියා සිටියහ.
විශේෂයෙන්ම නිමල් ලංසා මෑතකදි පාර්ලිමේන්තුවේදි හැසිරුණු අන්දම පිළිබදව ගම්පහ ශ්‍රිලනිප ජේෂ්ඨයන් අතර පවා ඇත්තේ කලකිරිමකි. එපමණක් නොව කතෝලික පල්ලියේ නායකයන් අතර පවා මේ විරෝධය දැන් පැතිර යන්නට පටන් ගෙනය.
එපමණක් නොව පසුගිය කාලය තුල බැසිල් රාජපක්ෂගේ හයිය ගෙන ගම්පහ දේශපාලන ජේෂ්ඨයන් රැසකට පාට් දමන්නෙකු බවට ලංසා ප්‍රසිද්ධියට පත්ව තිබිමත් නිසා සරත් ගුණරත්නට ගම්පහ පැරණි සගයන් රැසකගේ සහය ලැබෙන බව ඉතා පැහැදිලිව තිබේ.
ආමාරුම කාලයේත් පක්ෂය හැර නොගිය අයෙකු ලෙසින් මහින්ද රාජපක්ෂගේද සමිපත දේශපාලන මිතුරෙකු බවට පත්ව සිටින හිටුප නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නට පළාත් සභාවේ ඇමතිධුරයක් පමණක් නොව මහඇමතිධුරය දක්වා වුව යාමට සියළු සුදුසුකම් ඇතැයිද මහින්ද පිළේ ප්‍රාදේශිය දේශපාලකයන් පිරිසක් මිපුරට කියා සිටියේය.