සරත්ගේ අවසන් ඉල්ලීම ….

0
137
375මට දැන් වයස අවුරුදු 72 යි. ඉතින් මම දැන් දීර්ඝ කාලයක් ජීවත් වෙලා තියෙනවා.
තව අවුරුදු දෙක තුනකින් මරණය මා වෙත එයි. සමහර විට ඊටත් කලින්.
ඉතින් මරණය ගැන හිතන්න දැන් කාලය හරි.
මා මිය ගිය පසු සිදුවන්නේ කුමක්ද?
මගේ ශරීරයේ සිදු වූ ක්‍රියාකාරීත්වය නැතුන විට අපි ඊට මරණය යැයි කියන්නෙමු. නමුත් ඒ ඇත්තටම මරණය ද? සැම දේම මියගොස් පූර්ණ නැවතීමට පැමිණෙනවාද? එහෙම නැත්තම් සමහර දේවල් දිගටම ජීවත් වෙනවාද? ඒවායේ ක්‍රියාකාරීත්වය දිගටම පවතිනවාද? සමහර විට වෙනත් විදියකට.
භෞතික ශරීරය ජීර්ණය වීම ආරම්භ වේ. ක්ෂුද්‍ර ජීවීන් සහ පණුවන් ක්‍රියාකාරී වීම අරඹයි.
ඔවුන් වැදගත් කාර්යභාරයක් සිදු කරයි. ඔවුන් තමන්ව පෝෂණය කර ගනිමින් සාරවත් පසක් නිර්මාණය කරයි. ඒ පස් මත ශාක වැඩීම ආරම්භ වේ. වඩා සාරවත් පසක් ඇති වූ විට වඩා හොඳින් ශාක වර්ධනය වේ. ඉතින්, මෙය ඵලදායී ක්‍රියාවලියක් වේ. මගේ ශරීරය මිය ගොස් නැත. එය ඵලදායී ක්‍රියාවලියක් සිදු කිරීම අරඹා ඇත.
මගේ ශරීරය නොදැවිය යුතුය. පණුවන්ට ආහාර සඳහා එය මිහිදන් කළ යුතුය. ඵලදායී ගසක් ඒ මත සිටවිය යුතුය. එයින් එම භූමිය ප්‍රයෝජනවත් වේ.
මගේ ආත්මයට සිදු වන්නේ කුමක්ද? එය මරණයට පත් වන්නේ ද? එහෙමත් නැත්තම් ස්වර්ගයට හෝ නිරයට යන්නේද? ආත්මය මිය යන්නේ නැත. එය නැවත උපදී. නමුත් තවදුරටත් එය මගේ නොවේ.
මා හොඳ දෙය කළොත් ආත්මය සතුටු වේ. එය සතුටුදායක ස්ථානයක ජනිත වී අනෙක් අයට සතුට ලබාදෙනු ඇත.
ඒ මගේ සිතිවිලියි. ඒ මගේ සිහිනයි. මා කළ දේයි සහ මා කිරීමට බලාපොරොත්තු වන දේයි. මේ කිසිවක් මිය යන්නේ  නැත. ඒවා වෙනත් තැනක උපදිනු ඇත. ඒ මා නෙවෙයි. නමුත් ඒ මාගේ කොටසකි. මා නැවත ජනිත වී නැත.
එම නිසා මා ආත්මාර්ථකාමී නොවිය යුතුය. මා කළ හොඳ දේ නැවතී ඉපදී අනෙක් අයටත් සමස්ථ ලෝකයටත් සතුට ලබා දෙනු ඇත. මා කළ නරකත් යළි ජනිත වී අනෙක් අයට කනගාටුව හා ශෝකය ලබාදෙනු ඇත. බුදුන් වහන්සේ එය කර්මය ලෙස හඳුන්වයි. ජේසුස් වහන්සේ එය ආත්මය ලෙස හඳුන්වයි. ස්වර්ගය සහ නිරය යන දෙකම ඇත්තේ මේ ලෝකයේමය. ඒ අනෙක් අයට විඳීමට හෝ විඳවීමට මා කළ දේ සහ මා තබා යනදේයි. මා සතුට විනෝදය පමණක් තබා යා යුතුය. මා අනුන් ගැන සිතිය යුතුය.
මාගේ බොහෝ සිහින සැබෑ වී ඇත. සමහර ඒවා තවමත් සැබෑ වෙමින් ඇත.
අනෙක් අය ඒවා රැගෙන යනු ඇත.
අවසන් දින කීපයේ මා මහන්සි වී වැඩ කළ යුතුය.
මා විසින් බොහෝ හොඳ දේ අරඹා ඇත. සමහර දේවල් අඩක් නිම කොට ඇත. සමහර දේවල් තවමත් සිදුකර නැත.
ඉතින් අනෙක් අය ඒවා රැගෙන යන අයුරු දැකීමට මා මහන්සි වී වැඩ කළ යුතුය. නමුත් මා කලබලයට හෝ බියට පත්විය යුතු නැත.
මාගේ සෑම සිහිනයක්ම සන්නිවේදනය කිරීමට නොහැකි  වුවහොත් අනෙක් අය ඒවා වටහාගෙන වඩා හොඳ සිහින නිර්මාණය කරනු ඇත. ඉතින් මා කණගාටුවට පත් නොවෙමි. මා නික්ම යන්නට සූදානමින් සිටිමි.
අවසර ගැනීමට සූදානමින් සිටිමි.
මාගේ සිහින නොමියෙන නිසා මා මිය යන්නේ ද නැත. යම් දිනක යම් අයෙකු විසින් ඒ සිහින සැබෑ කරනු ඇත.  ඒ මා විසින් නොවනු ඇත. මා විසින් විය යුතු ද නැත.
මේ මාගේ අන්තිම කැමැත්තයි. මාගේ අන්තිම ඉල්ලීමයි.
“කරුණාකර මාගේ සිහින ඔබේ කර ගන්න. යම් දිනක ඒවා සැබෑ කර ගන්න.”

සරත් ප්‍රනාන්දු –   2014 ජූලි 21