සරත්ව කපා දමා අයියයි මල්ලියි වැඩට බසී!

0
92

sarath 10#Vcan ✌ E – canvassing ජාතික මෙහෙයුම,රටම හා එක්ව සුභ මොහොතින් මීගමුවේදී දියත් කරමින්.
මැතිවරණයට කැන්වස් කරද්දි කොළ වල සටහන් දාගත්ත කාලේ ඉවරයි. පොදුජන පෙරමුණ ජනාධිපති මැතිවරණයට Canvassing යන්නේ ලංකාවේ පළමු ඊ තාක්ෂණ මෙවලමත් එක්ක. ඒ තමයි #Vcan app. මේක ලෝක දේශපාලනයේ පවා විරල අවස්ථාවක්. හොඳ තීරණ ගන්න ඕනේ… හොඳ තොරතුරු.

40,000 ආසන්න පුහුණු බළකාය ඉක්මනින්ම සූදානම්… ඔබේ නිවසටත් එන්න.
අපි අපිට රටක් , රටට හෙටක් හදමු.

දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2019.08.03

මේ සටහන තිබුනේ මීගමුව නගරාධිපතිවරයාගේ බුකි පිටුවේ.මෙහි වැදගත්ම වාක්‍ය වන්නේ අපිඅපිට රටක් හෙටක් හදමු කියන කොටසයි.මෙසේ කියමින් ගෙවල් ගානේ යන්නේ ලංසා පවුලේ පුතුන් දෙදෙනාය.නිමල් ලංසාට අනුව මීගමුවේ සංවිධායක සරත් ගුණරත්නය.එහෙත් ලංසා පවුලට හෙටක්හැදිමට එදා මෙන්ම අදත් ගෙවල් ගානේ යන්නට පාරට පැමිණ ඇත්තේ අයියා මලෝ දෙන්නාමය.සරත් කපාදමා මීගමුව මල්ලිට ලබාදිම අයියාගේ අරමුණු බව දැන් පැහැදිලිය.ඉන් එකක් හොදක් තිබේ.එනම් මිගමුවේ කොට්ටාශ 29න් 22 ක්ම පරාජයට පත්වු ලංසා පවුල ගෙවුණු නගර සභා කාලය තුල මහජන බදුමුදල් හිතුමතේ වැය කරමින් අම්මාගේ අප්පාගේ බූදලයක් ගානට දමා ගෙන යන පාලනය නිසා දැන් තවත් පහලට බැස ඇති බැවිනි.