සහල්, ලොකු ලූනු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට හෙට සිට

0
65

සහල්, ලොකු ලූනු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට සතොස හරහා හෙට සිට පාරිභෝගිකයින් වෙත ලබාදීමට.ජනපතිගෙන් උපදෙස්
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබදව විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සහල් ආනයනයේදී පෞද්ගලික අංශයේ වෙළදුන් විසින් අධික ලාභයක් තබා ගනිමින් මිල ගණන් නියම කරන බව මෙහිදී අනාවරණය වූ අතර අදාළ වෙළෙදුන් සමග සාකච්ජා කර මිල ගණන් පහත දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය රිශාද් බදුර්දින් මහතා වෙත උපදෙස් දුන්නේය. එසේම ඉදිරි මාස කිහිපය තුළදී රජය මගින් විදේශයන්හි පවතින මිල ගණන් නොසලකා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට උපදෙස් ලබාදුන් අතර සතොස මගින් අලෙවි කරන සියලූම සහල් වර්ගවල මිල ගණන් හෙට සිට පහළ දැමීමටත් අදාළ මිල ගණන් හෙට දින තුළ ප‍්‍රකාශයට පත්කිරීමටත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දෙන ලදි.

ලොකු ලූනු සහ අර්තාපල් මිල ගණන්වල ඉහළ යාම පිළිබදව ද මෙහිදී සාකච්ජා වූ අතර ලොකු ලූනු සහ අර්තාපල් කිලෝ ග‍්‍රෑම් එකක් රුපියල් 65 කට අඩු මිලකට ආනයනය කළ ද ඉතා අධික ලාභ මත පාරිභෝගිකයාට අලෙවි කිරීම සිදුවන බවත් ඒ පිළිබදව අවධානය යොමුකර මිල ගණන් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් පාරිභෝගික සේවා අධිකාරියට ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි. එසේම සතොස මගින් අලෙවිකරන ලොකු ලූනු සහ අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට හෙට සිට අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙන ලදි.

වෙළෙදපොළේ පොල් මිල අධික ලෙස ඉහළයාම සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වන ලෙස පොල් වගා කිරිමේ මණ්ඩලයට උපදෙස් ලබාදුන් ජනාධිපතිතුමා ලබන සදුදා සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදා ගනිමින් සෘජුවම පාරිභෝගිකයන් වෙත පොල් අලෙවි කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

අත්‍යාවශ්‍ය ආහාර ආනයනයේදී නිසි ටෙන්ඩර් පටිපාටිය ක‍්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන නමුදු අනවශ්‍ය පරිපාලන හා නීතිමය ක‍්‍රියාදාමයන් මගින් නිලධාරීන්ට ගැටලූවලට මුහුණපෑමට සිදුවේයැයි අනවශ්‍ය බියක් ඇති කර යුතු නැති බව ද නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් කාර්යක්ෂමව ක‍්‍රියාකරන ලෙස ද නිලධාරීන්ට රාජකාරිය ඉටුකරන ලෙද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වෙළෙද අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අතා්‍යවශ්‍ය ආහාරවල ප‍්‍රමාණ සහ මිල ගණන් සතිපතා රැුස්වී තීන්දු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බව ද මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තිරණ සක‍්‍රීයව සෘජුව ක‍්‍රියාත්මක විය යුතු බවට ද ජනාධිපතිතුමා සදහන් කළේය.02-28-1140x391

අමාත්‍ය මංගල සමරවීර, රිෂාද් බදුර්දීන්, මහින්ද අමරවීර, සුජීව සේරසිංහ සහ එරාන් වික‍්‍රමරත්න යන මැති ඇමතිවරුන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.
http://www.president.gov.lk