ස්ත්‍රී දූෂණ සැකකරුට ඇප ඉල්ලා නීතිඥ මඩුල්ලම නැඟී සිටියි – ප්‍රධාන මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කරයි

0
248

පසුගිය සෙනසුරාදා (31) වනදා මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 22 හැවිරිදි කාන්තාවක්  බලහත්කාරයෙන්  දූෂණය කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගය අද  (07 ) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී විභාගයට ගැණුනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර ඇති උළුමොල් ව්‍යාපාරික දීප්ති රොබින්සන්ද සිල්වා  (43 ) අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.9
මෙම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවන කොච්චිකඩේ පොලීසිය විසින් වින්ඳිත පාර්ශවය වෙනුවෙන් කරුණු අධිකරණය වෙත ඉදිරිපත්කරමින්  ප්‍රකාශ කර සිටියේ දූෂණයට ලක්වූ කාන්තාවගේ වෛද්‍ය වාර්තාව අනුව ඇය ලිංගික බලහත්කාරකමකට ලක්වී ඇති  බව සනාථ වී ඇති බවත් ඇගේ ලිංග ප්‍රදේශය තුළ තුවාල සළකුණු තිඛෙන බවට වෛද්‍ය වාර්තා තහවුරු කොට ඇති බවත්ය.එමෙන්ම ඇගේ ශරීරයේ මෙන්ම ඇදුම් වල දූෂකයාගේ ශරීර ස්‍රාව්‍යන් තැවරී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂනයක් සිදුකිරීමට කටයුතු කරන බවත් පොලසිය අධිකරණයට දන්වා සිටියේය. එමෙන්ම සිදුවී ඇති මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් මහජනතාව තුළ යම් විරෝධතාවයක් මතුවී ඇති බැවින් මෙම සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දුරකථන වාර්තා පිළිබදව විමර්ශනයක් සිදුකෙරෙන  බවත් ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා කාලය අවශ්‍ය බවටත් පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කර සිටියේය.
ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් කරුණු සලකා බලා මෙම වරදේ  බරපතලකමත්  ඇතිවී ඇති මහජන විරෝධයත් වින්දිතයන් පත්ව ඇති තත්වය සැලකිල්ලට ගෙන  සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර අප්‍රේල් මස 18 දක්වා  නඩුවිභාගය කල් තබන ලදී.

මෙම නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කොච්චිකඩේ පොලිසිය විසින් සාක්ෂි ඉදිරිපත් කළ අතර විත්තකරු වෙනුවෙන් ඒ අවස්ථාවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලූම නීතිඥ මහත්ම මහත්මීන් ඉදිරිපත් වූහ.
මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන කටයුතු කොච්චිකඩේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක  ධර්මතිලක මහතා ඇතුළු පොලිස් පරීක්ෂක  එස්.ජී.එම්.කේ  ගුණසේන මහතා ඇතුලු නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.

Save