ස්ථූලතාවය කැන්දන ගැටළු මෙන්න…

0
873

තරබාරුව තවදුරටත් රූපලාවණ්‍යමය ගැටළුවක් ලෙස සැලකෙන්නේ නැත.දිගු කාලයක් තිස්සේ වර්ධනය ව පාරසරික, ජානමය,ආහාරමය, ආදී බහු විධ හේතූන් මත ස්ථුලතාවයට කෙනෙක් ලක් විය හැකි බව අද කෝක සෞඛ්‍ය සංවිධානයද, වෛද්‍යවරුන් හා විද්වත් වෛද්‍ය සමාජයද පිළිගත් මතයයි.

තරබාරැව කෙනෙකුගේ ආර්ථිකය ඛාදනය කරන ප්‍රශ්ණ වැළක්ට මුලකි. අපමණක්ද නොවේ. එය කෙනෙකුගේ ආයුෂ අඩුකිරීමට හේතුවන හේතුවක්ද විය හැක. පුද්ගලයාගේ මානසික සෞඛ්‍යටද මෙයින් ඇතිවන බලපෑම සුළුපටු නොවේ.

” American society for Metabolic and Bariatric surgery” ආයතනය දක්වන ආකාරයට පේශී, මේදය, අස්ථි හා ජලයද එකතුවී ශරීරයේ තිබියයුතු සාමාන්‍ය බරට වඩා වැඩි බරක් ප්‍රකට කරන කාණ්ඩය පළමු වර්ගීකරණයයි. ශරීරයේ අමතර වශයෙන් මේදය තැන්පත් වීමෙන් අධික ලෙස ස්ථූලතාවයක් දැක්වීම නොහොත් තරබාරුව ප්‍රකට කරන කාණ්ඩය දෙවැන්නයි.

ශරීරයේ ස්ථූලාවයය මනින හැටි

කෙනෙක් ස්ථූලද නැද්ද යන වග මැන බැලෙන ලොව පිළිගත් දර්ශකය ” ශරීර ස්කන්ධ දර්ශකයයි.” (BMI) මෙමගින් වැඩිහිටියෙකුගේ ශරීරයේ ඇති අමතර මේදය ගැන සංඛ්‍යාත්මක දළ නිර්වචනයක් ත හැකි බව විද්වතුන්ගේ මතයයි. කෙසේ නමුත් ගැබිණි මාතාවක, මළල ක්‍රීඩයෙකු , කායවර්ධඛ ව්‍යායාම සිදුකරන්නේකු ආදී වශයෙන් තෝරාගත් කාණ්ඩ සදහා මේ BMI වර්ගීකරණය එලෙසම යොදාගත නොහැක.

ශරීර ස්කන්ධ දර්ශකය BMI

BMI දර්ශකයේ දී අප සාමාන්‍යයෙන් පාඨංක දෙකක් ලබා ගනිමු. ඒ ශරීරයේ බර හා අදාල පුද්ගලයාගේ උසයි. අනතුරුව පුද්ගලයාගේ බර කිලෝ ග්‍රෑම් වලින් ලබාගෙන, උස මීටර් වලින් ලබාගෙන එහි වර්ගයෙන් බෙදීමෙන්  BMI අගය ලබා ගත හැකිවනු ඇත. පහත වගුව ශරීර ස්කන්ධ දරශකයෙහි මූලික වර්ගීකරණයක් දක්වයි.

කාණ්ඩය                                                                                                       BMI පරාසය

සාමාන්‍ය බර                                                                                                   18.9 – 24.9

නියමිත පමණට වඩා බර                                                                                25 – 29.9

ස්ථුලතාවය 1 කාණ්ඩය                                                                                   30 – 34.9

ස්ථුලතාවය 11 කාණ්ඩය                                                                                  35 – 39.9

ස්ථුලතාවය 111 කාණ්ඩය                                                                                 40 සිට ඉහලට

ආසියානු කාලාපය සදහා මෙම BMI අගයේ සාමාන්‍ය 18.5 – 23 දක්වා අඩුකර සාමාන්‍ය ලෙස සලකන බව මතවාදයක් තිබේ.

පසුගිය කාලය තුල ලොවපුරා ස්ථුලතාවයෙන් පෙළෙන ජනගහණය වේගයෙන් වර්ධනය වී තිබේ. මේ නිසා මිලියන ගණනාවක ජනතාව විවිධ ලෙඩරෝග වලට ලක්වී මෙලොවින් සමුගනී. එම නිසා මේ කාරණය සම්බන්දයෙන් විශේෂ අවධානය හිමි විය යුතුය. 1980 දී 13%ක් වූ ස්ථූල ජනගහනය 2008දී 34%ක් තරම් අගයකට වැඩිවීමෙන් ස්ථූලතාවය ලෝක ව්‍යාප්ත ගැටළුවක් වීමේ ප්‍රවණතාවය මොනවට දැක්වේ. දරුවන්ද මේ ගැටළුවෙන් මීදී නොසිටීම මහත් ගැටළුවකි. ඉහත දක්වන ලද කාල පාරාසය තුල දරුවන්ගේ ස්ථුලතාවය 5% සිට 17% දක්වා වැඩිවී තිබේ.

ස්ථූලතාවය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු

  • කිරීටක ධමනිගත රෝග ( Coronary Diseases)
  • දෙවන ආකාරයේ දියවැඩියාව
  • පිළිකා
  • අධි රුධිර පීඩනය
  • කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
  • අංශභාගය
  • අක්මාව හා පිත්තාශයේ ගැටළු
  • ශ්වසන ආබාධ
  • නින්දෙන් හුස්ම හිරවීම
  • විශාදය
  • හනදිපත් වේදනාව
  • අසාමාන්‍ය ආර්තවය හා මදසරුභාවය වැනි නාරි සංකූලතා
  • මානසිකව ඇතිවන වියවුල් සහගතභාවය හා තවත් බොහෝ ගැටළු

 ළමා කාලයේ හා ගැටවර වයසේ ඇතිවන ස්ථුලතාවය

ස්ථුලතාවය වෙසෙසින්ම වැඩිහිටියන්ට පමණක් බලපාන සෞඛ්‍ය ප්‍රශ්ණයක් නොවේ. සෑම දිනකම පාහේ විශාල දරුවන් , ගැටවරයන් සංඛ්‍යාවක් ස්ථූලතාවයට පත්වීමේ තර්ජනයට මුහුණපායි. මේ දරුවන්ද වැඩිහිටියන් සේම ස්ථූලතාවය හා අත්වැල් බැදගෙන එන සෞඛ්‍ය ප්‍රශ්ණ වලට මුහුණ දෙයි. ඒවි අතර දෙවන කාණ්ඩයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, නින්දෙන් ශ්වසනය අත් හිටීමේ අවධානම, ආදිය වෙයි. සමීක්ෂණ වලට අනුව කුඩාකාලයේ ස්ථූලතාවයට මුහුණපාන රුවන්ගෙන් 80%ක්ම වැඩිහිටි කාලයේදී ස්ථූලතාවය ඇතිව ජීවත් වෙයි.

නිරෝගී බරක් පවත්වාගැනීමට හේතු ව සාධක

පුද්ගලයෙකුගේ ශරීර බර තීරණය වන සාධක රුසක් වෙයි. පාරිසරික සාධක, ආහාර අනුභව කරන රටාව, පවුලේ සෞඛ්‍යමට තත්වය, ප්‍රවේණිය, පරිවෘතිය චර්යා රටා හා පුරුදු එු අතර වේ.

ශක්ති තුලනයෙන් සිරුරේ බර අඩු කරගනිමු.

හිතකර ශරීර බරක් පවත්වා ගැනීමට ශක්ති තුලිතතාවය වැදගත් වේ. ඔබ ගන්නා ආහාර පාන වර්ග වලින් ඔබේ ශරීරයට එකතු වන ශක්තිය ශ්වසනය, ආහාර ජීරණය, ශරීරය ක්‍රියාකාරීව පවත්වා ගැනීම ආදියට වැය වන ශක්තිය හා තුළනය කිරීම ශක්ති තුළිතතාවයේ මූලධර්මයයි.

  • ශරීරයට ලබාගන්නා ශක්තිය ශරීරයෙන් පිටවන ශක්තිය සමාන වන්නේ නම් බර වැඩි වීමක් සිදු නොවේ.
  • ශරීරයට ලබා ගන්නා ශක්තිය ශරීරයෙන් පිටවන ශක්තියට වඩා වැඩිනම් ශරීර බර වැඩිවේ.
  • ශරීරයට ලබාගන්නා ශක්තිය ශරීරයෙන් පිටවන ශක්තියට වඩා අඩුනම් ශරීර බර අඩුවේ.

හිතකර බරක් පවත්වා ගැනීමට සෑම දිනකම ශරීරයට එකතු වන ශක්තිය ශරීරයෙන් දහනය කරන ශක්තියට හරියටම සමාන වීමක් අවශ්‍ය නැත. එය ප්‍රායෝගිකව අපහසු කාර්‍යයකි. නමුත් කාලයක් මුළුල්ලේ මේ අගයන් දෙක සමානව පවත්වා ගැනීමට ඔබ උත්සුක විය යුතුය.

obesity

obesity1

වෛද්‍යවරයා සගරාව මගිනි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here