සාක්ෂි තිබියදීත් දයාන් ලාන්සාව අධිකරණට ගේන්නට පොලිසිය අසමත් ? අධිකරණයේදී හෙළිවේ

0
61
dav

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී  ගමගේ මහතාට 2016 ජුනි 02 වනදා මීගමුව නගර සභාවේදී  නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ  පහරදිම සම්බන්ධ නඩු විභාගය අද ( 29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී  ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී විභාගයට ගැනිණී. මෙම අවස්ථාවේදී  පෑලියගොඩ/උතුර අපරාධ කොට්ඨාශයේ පොලිසියේ නිලධාරියෙකු අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ  මෙම පහරදීමට මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලාන්සා සම්බන්ධ බවට ප්‍රමාණවත්  සාක්ෂි  නොමැති බවයි.
මෙහිදී  පැමිණිල්ලේ නිතිඥ මහත්වරුන් පවසා සිටියේ  ඉහතදී ගරු අධිකරණයට ඉදිරිපත් කල බි වාර්තා වේ සදහන් වි ඇති  කරුණු යටතේ මෙම පුද්ගලයාගෙන් තමන්ට තර්ජනයක් සිදුව ඇති බවත්, සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද දුරකථන සහ උප නගරාධීපතිවරයා  වන දයාන් ලාන්සා  ගේ සංවාද පරීක්ෂා කර බැලීමේ දී සිද්ධිය සිදුවූ දින දුරකථන ඇමතුම් 16ක් ඇති බවට සදහන් වී තිබෙන බවයි.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ (32 වගන්ති  )යම් කිසි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනිමට එම සාක්ෂි ප්‍රමාණවත් බවත්,මෙම නඩුවේ 3 වන සැකකරු ලෙස දයාන් ලාන්සාව නම් කරන ලෙස ගරු අධිකරණයෙන් තවදුරටත්  නීතිඥවරුන්  ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් පොලිසියට ප්‍රකාශ කළේ මෙතරම් කාලයක් පරීක්ෂණ සදහා කල් ලබාදුන්නේ මෙම පරීක්ෂණයට සාධාරණයක්ඉ, යුක්ටුතියක් ඉටුකිරීම උදෙසා වන අතර   ඒ අනුව  නැවතත් මෙම නඩුවේ  විමර්ශන කටයුතු සදහා නීතිපති  දෙපාර්තමේන්තුවේ උපදෙස්   ලබාගන්නා ලෙසයි. ඒ  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙම නඩුව  නීතිපති උපදෙස් සදහා යොමුකළ අතර   මෙම නඩුව  2017 වසරේ පෙබරවාරි මස 28 වනදාට කල් තැබූ අතර  එදින පොලීසියේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසද පවසන ලදී.