සිංගර් ගබඩාවට සුපිරි ගේමක් දුන් සේවකයන් අත්අඩංගුවට

0
42

DSCF0095newසීදුව  – ලියනගේමුල්ලේ පිහිටා ඇති සිංගර් ආයතනයට අයත්  රු 408,902887 ක වටිනාකමින් යුත් දුරකථන, ලැප්ටොප් වැනි භාන්ඩ තොගයක් මෙම වසරේ මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය තුළදී අතුරුදහන්වීම සම්බන්ධයෙන් එහි අයිතිකරුවන් විසින් මීගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත  මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී.
මෙම භාන්ඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් එහි සේවය කළ සේවකයන් දෙදෙනෙක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඔවුන්ගේ දුරකථන ඇමතුම් අනුකරණය කරමින් පොලීසිය විසින් මෙම  භාන්ඩ සොරකම සිදුකර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් මස 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම සොරකම සිදුකර ඇත්තේ ගබඩාවේ භාරකරු සහ ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු වන අතර මොවුන් සිංගර් ආයතනයේ ගබඩාවෙන් සොරා ගන්නා ලද මෙම සැම්සුම් හා එල්.ජී දුරකථන 43ක් ලෙනෝවා හා ලැප්ටොප් 2ක් විවිධ පුද්ගලයන් වෙත අළෙවිකර ඇති බවටද හෙළදරව්වී ඇත. වැඩිදුර පරීක්ෂණ වලදී එම භාන්ඩ තොගය විවිධ පුද්ගලයන් වෙත අළෙවිය සදහා විකුණා තිබියදී මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය විසින් සොයාගන්නා ලදී.
ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් වීරසිංහ ,පො.සැ අජිත්(19266),කරුණාසේකර,32640 –
පෙරේරා -13110 ,චන්ද්‍රතිලක  20448 සෙනෙහෙලතා  4604 ,වීරක්කොඩි 33586 ,සේනාධීර  40539 ,බන්ඩාර 53883 ,රත්නපාල 42307,කරුණාදාස  34139 ,උදයංග  25964 යන පොලිස් සැරයන්වරු විසින් මෙම විමර්ශනයට සහභාගී වූහ.