සිංදු කියන සිරකරුවෝ !

0
81

musicසිරකරුවෝද මනුෂ්‍ය යෝය යන සංකල්පය අනුව බන්ධනාගාරගතව සිටින රැදවියන් පුනරත්තාපනය කිරීමේ වැඩ සටහන් රාශියක් දිවයින පුරා ඇති බන්ධනාගාරවල ක්‍රියාත්මක වේ.
මේ අනුව ගාල්ල බන්ධනාගාරය තුළ වර්තමාන බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව රැදවියන් පුනරුත්තාපනය කිරීමේ වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක වේ. ප්‍රසිද්ධ සංගීතඥකු වන ඩයමන් කල්පහේවා මහතාගේ උපදේශකත්වයෙන් රැදවියන්ට සංගීතය හා ගායනය ඉගැන්වීම සදහා සෑම සතියකම සංගීතමය වැඩසටහන් ක්‍රියාත්මක කරුනු ලබයි. රැදවියන් විශාල පිරිසක් සහභාගිවන මෙම වැඩ සටහන අනුව මේ වන විට පුහුණුව ලත් සංගීත කණ්ඩායමක් ද බන්ධනාගාර රැදවියන්ගෙන් සමන්විතව ක්‍රියාත්මක වේ. සිරස සුපස්ටාර් තරගය සදහාද රැදවියකු සහභාගි වී ඇති අතර සිපිරිසර නමින් පසුගිය දා සංගීත ප්‍රසංගයක් ද ගාල්ල කරාපිටිය ශ්‍රවණාගාරයේදි පවත්වනු ලැබීය.
සංගීතඥ ඩයමන් කල්ප හේවා මෙසේ පැවසීය. ගාල්ල බන්ධනාගාරයේ දක්ෂ නිර්මාණ ශීලි හැකියාවන් තිබෙන රැදවියන් සිටිනවා. ඔවුන්ගේ හැකියාව අනුව නිදහස්ව ගිය පසු සංගීතයට යොමු වීම නිසා යහපත් පුරවැසියන් ලෙස කටයුතු කරනවා. නිදහස්වන රැදිවියන් සංචාරක හෝටල්වල සංචාරකයන් උදෙසා සංගීත වැඩසටහන් ඉදිරිපත් කර මුදලක්ද උපයා ගන්නවා.පෙරදිග අපරදිග සංගීත පුහුණුව රැදවියන්ට ලබා දෙනවා. සිපිරිසර නමින් දොලොස් දෙනෙකුගෙන් යුත් සංගීත කණ්ඩායමක්ද නිර්මාණය කර තිබෙනවා.
මුලාශ්‍රය – දිණමිණ