සිතියම්ගත ඇල ගොඩකර හැදු හෝටලය බැසිල් අතින් විවෘතවේ ???

0
76

thoppuwa alathoppuwa ala1කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.
මෙම කටයුත්ත හරියටම පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදිම ගොඩකිරිම ආරම්භ කිරිමෙන් පෙනි යන්ෙන් මෙම රාජ්‍ය විරෝධි කටයුත්ත සිදුන කළ කැළුම් නැමැත්තා අනිවාර්යෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි විශාල මුදලක් ඒ ප්‍රදේශයේ දේශපාලකයන් වෙත වියදම් කර ඇති බවය.
දන් මේ සියල්ල තවත් හොදින් පෙනෙන්ට පටන් ගෙන ඇත්තේ මෙසේ  ඇල ගොඩකරමින් අල්ලාගත් ඉඩමේ ඉදිවු  හෝටලය 2013 දෙසැම්බර් 01 වනදා  ඇමති බැසිල් රාජපක්ෂ විසින් විවෘත කිරිමට ඇති සුදානමත් සමගින්ය

ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ  පුර්ණ අනුග්‍රහය මත අධිකරණයෙන්ද නිදහස්ව දැන් සතුටින් කල් යවති.ඉපැරණි ඇල මෙසේ ගොඩ කර  අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
නීතියේ ආධිපත්‍ය බිදවැටිමේ ඇති අයුරු ගැන කියන්නට මීගමුවේදුි තවත් උදාහරණ අවැසිද ??

.