සහෝදර සේවිකාවන් ඇදවැටෙන විට අහක බලාගෙන වැඩ කරන ලෙස oakya ප්‍රධානීන් කම්කරුවන්ට අණකරයි

0
102

DSC06853 යම් අසාදනයක් හේතුවෙන්  ඊයේ  (ඔක් /14)  සවස රෝගාතුරවූ කටුනායක ඔකායා ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කරන ලදී.
අද පෙරවරුව වන විට එම ආයතනයෙන් තවත් පිරිසක් රෝහල්ගතකර තිබේ. මේ වන විට ප්‍රතිකාර ලබන සියලුම සංඛ්‍යාව 52 ක් වී ඇත.මෙම ආසාදනයට හේතුව  වතුර විය හැකි බවට අදහස් පළවුවද සමහර සේවිකාවන් සැක පළකරන්නේ  රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙලෙස අසාදනයක් ඇතිවීමටද ඉඩඇති බවකි. එයට හේතුව මෙම ආයතනය පරිඝනක ආශ්‍රිත නිපදවීම් කරන ආයතනයක් බැවිනි.
 මෙම ආසාදනය ඇතිවීම නිසා සේවිකාවන්  පිට පිටම රෝගී වී වැටෙන විට  ආයතනයේ ප්‍රධානියා විසින් අනෙක් සේවිකාවන්ට  ඒවා දෙස නොබලා තමන්ගේ වැඩකරන ලෙසද පවසා ඇති අතර ,  කම්කරුවන් පිළිබදව  ඔවුන්ගේ අකාරුණිකභාවය ගැන එක් සේවිකාවක් සිය විමතිය පළකර සිටියාය.
එමෙන්ම මේ අකාරයට ඊයේ සිට සේවිකාවන් රෝගීවීමට පටන්ගත් පසු එය වැලැක්වීමට හෝ අනෙක් සේවිකාවන් එයින් ආරක්ෂා කර ගැනීමට ආයතනය විසින් කිසිදු පියවරක් නොගැනීමද බරපතල වැරැද්දක් බවද කම්කරුවන්  පවසන ලදී.
සේවක සේවිකාවන් ගේ් ශක්තියේ ප්‍රමාණයට එම අසාදනය දරාගෙන සිටින අතර දුර්වල අය ඉක්මණින් වැටෙන්නට පටන්ගත් බවද ඔව්හු පවසති. එම තත්ත්වයෙන් උපරිම ප්‍රෙයා්ජන ගැනීමට උත්සාහ කරන  .ඔකායා ෆැක්ටරියේ ප්‍රධානීන්  සිය සහෝදර සේවිකාවන් බිම වැටෙන විට අහක බලාගෙන සේවයේ නිරත වන බවට අණකර තිබේ.DSC06850 DSC06856 DSC06857