සිරස නාලිකාවේ විනාඩි 25 ක් මඩපුවත්වලට…?

0
75

sirasa”මංගල සමරවීර කොතන ද? එතන විනාශයි ” යයි රනිල් විරෝධී, රාජා මහේන්ද්‍රන් මහතාගේ ‘සිරස’ නාලිකාව අවධාරණය කරසිටියි. සුපුරුදු පරිදි, එජාප නායකයාට පහරදීම සඳහා ම වෙන්වූ ‘සිරස ටීවී’ පුවත් විකාශය තුල ඊයේ දිනයේ ද ඉලක්කය බවට පත්ව තිබුනේ මංගල සමරවීර සහ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ය.
ඒ සඳහා  රුවන්වැල්ල වරාවල ප්‍රදේශයේ පැවති රැස්වීමක දී එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වූ යූ.එල්.එම්.ෆාරුක් මහතා ලවා කරවූ  ප්‍රකාශයකට හා රනිල්ට එරෙහි වෙනත් ප්‍රකාශ සඳහා රාජා මහේන්ද්‍රන් මහතා, සිය ‘රනිල් පුවත්’  විකාශය තුල විනාඩි 25කට වැඩි කාලයක් ලබාදී තිබිණ.
‘සිරස රනිල් පුවත්’ විකාශය තුලදී ෆාරුක් මහතා මෙසේ පැවසිය.

“සමරවීරගේ සංවිධානයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට පහර දෙනවා. මංගල සමරවීර කොතන හිටිය ද එතන විනාශ කරලයි තියෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ පක්ෂය භේදබින්න කළා.
එක දවසක් තුළ ශ්‍රී ලංකාද්වීපය තුළම රනිල්ට පණ නැහැ කියන පණිවිඩේ ගෙනිච්චේ මංගල සමරවීර මහත්මයා. අද එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කාරයා වශයෙන් කතා කරන්නේ මංගල සමරවීර මහත්මයා.
මධ්‍යම පළාත් සභා මැතිවර‍ණයේ කුණ්ඩසාලේ ආසනේ තිබුණේ අපේ ලේකම්තුමාට. විශාල පරාජයක් එතුමා ආසනෙන් ඉල්ලා අස්වුණා. එතුමා ඉල්ලා අස්විය යුත්තේ පක්ෂ ලේකම්කමෙන්. ජනතාවගේ සිතුම් පැතුම් දිනාගෙන ජනතාවගේ සිතුම් පැතුමු අනුව ක්‍රියාකළ යුතුයි.
ජනතාව එකහෙළාම කිව්වා නායකත්වය වෙනස් විය යුතුයි කියලා. ඒකට සුදුස්සා කවුද කියනලා එතුමන්ලා තීරණය කළා. එහෙනම් අපි අවුරුදු 20ක් පැරුදුණා. තවත් ඉස්සරහ‍ට පරදිනව ද කියන ප්‍රශ්නෙට අපි පිළිතුරුක් සොයන්න ඕනේ. මේ රටේ ජනතාවගේ වැඩිම මතය නායකත්වය වෙනස් විය යුතුයි කියන මතයයි”

www.srilankamirror.lk