සිරස විමර්ශනයෙන් පසු 05 වන වාට්ටුවේ ප්‍රධාන හෙදියව ශල්‍යාගාරයට මාරුකරයි

0
73

මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ   05 වන මහ ලේ  කාලයක පටන් ඇතිවී තිබෙන  ජල කාන්දුවීම සහ එහි තවත් අඩුපාඩු නිසා රෝගීන්ට සහ එහි නිලධාරීන්ට විදීමට සිදුවී ඇති අපහසුතා පිළිබදව පසුගිය දිනක සිරස විමර්ශන වැඩසටහනකින් අනාවරණය කරන ලදී.
එහිදී   එම අඩුපාඩු නිසා විදීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබදව  05 එම වාට්ටුවේ ප්‍රදාන
හෙදිය විසින් ප්‍රකාශයක් සිරස මාධ්‍යට කරන ලදී. මෙම සිදුවීමේදී  එම ප්‍රධාන හෙදිය විසින් සත්‍ය පැවසීම පිළිබදව මිගමුව රෝහල් පරිපාලනය ඇය සමග ද්වේශ සහගතව කටයුතු  කරන
බව පෙනී යයි. එහි ප්‍රතිපළයක් ලෙස මේ වන විට මෙම ප්‍රධාන හෙදියව 05 වන වාට්ටුවේන්
ශල්‍යාගාරය වෙත මාරැකර තිබේ.