සිරියාව Assad සහ ISIS ත්‍රස්තයන් හේතුවෙන් විශාල යුද්ධයකට මැදිවී සිටින කාලයක සිවිල් වැසියන් මෙන්ම විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයකුත් ඒ යුද්ධයෙන් දිනෙන් දින මිය යමින් සිටිනවා.
මේ ලිිපියේ සදහන් වන්නේ තමන්ගේ රට වෙනුවෙන් මෙන්ම තමන්ගේ ජනතාව වෙනුවෙනුත් තම ජීවිතය කැපකල මාධ්‍යවේදියෙක් ලියා තැබූ අවසන් ලිපිය පිලිබදවයි.
මේ වසරේ සැප්තැම්බර් මස 2වන දින රුසියානු හමුදා හා Assad හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය යන්නේ ඔහුගේ බිරිදද සමගයි.(ඔහුගේ බිරිද මියන්නේ ඔහු මියයන්ට දින කට ප්‍රථමයෙන් බවත් කියැවෙනවා) එලෙසම මිය යන විට ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් වූවත් ඔහුගේ තුන්වන දියණිය මෙලොව එලිය දැකීමෙන් සති දෙකකට පසුව ඔහුගේ මරණය සිදුවීම නිසා ඔහු මියයන්නට පෙර තමන්ගේ තුන්වන දියණියගේ උපත පිලිබදව ඔහු දැනුවත්ව සිටියේද යන්න සැක සහිත බවයි ඔහුගේ මිතුරන් පවසන්නේ.
සිරියාව තුලදී තමන් මුහුණදෙන හා මුහුණදුන් අත්දැකීම් පිලිබදව ඔහු මියයන්නට දින කිහිපයකට පෙර ලියූ ලිපිය අපි මෙසේ සටහන් කරමු. (http://humansofaleppo.com/shamel-al-ahmad/)
මම ශාමෙල් අල් අහමඩ්. මම විවාහකයෙන් වන අතර , දරුවන් දෙදෙනෙකු සිටිනවා. මගේ ජීවිතය වෙනස් වූයේ මම සිරියානු රජයේ ආරක්ෂක හමුදාවන්ගේ හා සිරියානු ජනතාවගේ වීඩියෝ පටයක් දැකීමෙන් පසුවයි.
2012 ජුලි වන විට ඔවුන් මාගේ නගරය වන ඇලෙප්පෝ Aleppo නගරයට ඇතුල් වුණා. ඉන්පසුව මගේ නගරය රජයේ හමුදාවන්ට ඔවුන්ගේ විරුද්ධවාදීන්ට පහරදීම සදහා ඉඩ සලසන නිදහස් භූමියක් බවට පත්වුණා.ඒ නිසාම විවිධ අවිආයුද වල අත්දැකීම ලබන්නට අපිට අවස්ථාව හිමිවුණා.ඒ හැමදෙයක්ම මම මාගේ කැමරා කාචයේ සටහන් කරගත්තේ අපේ රටට පිටින් සිටින හැමදෙනාගේම අවදානය අපේ රට දෙසට යොමුකරගන්න.මගේ ජනතාවට අවශ්‍ය උදව් ඔවුන්ගෙන් ලබා ගන්න.නමුත් ඉන් ප්‍රෙයා්ජනයක් වුනේ නැහැ.
ISIS සංවිධානය විසින් මාගේ රටෙන් කොටසක බලය තහවුරු කරගනු ලැබුවා.
එ් අවස්ථාවේදී අපට තේරුම් ගියා නිදහස වෙනුවෙන් වන අපගේ උත්සාහයේ අවසානයක් දැකීම පහසු කාර්‍යයක් නොවන බව. මම දිගටම මගේ ජනතාව වෙනුවෙන් වැඩකලා.මම මානසිකව ඇදවැටුන,බලාපොරොත්තු සුන් වූ අවස්ථා බොහෝයි.ඒ සෑම අවස්ථාවකදීම මාගේ මිතුරන් සහ සහෝදරයන් මා දිගින් දිගටම ශක්තිමත් කලා.මීට මාස කිහිපයකට පෙර මට බෝට්ටුවකින් යුරෝපයට බේරීයාමට අවස්ථාවක් ලැබුණා. මම එම අවස්ථාව පිළිගැනීමට සිතා සිටියත් අවසානයේ මම එම අවස්ථාව මගහැරියා. නමුත් මට මාගේ දරුවන්ව මේ යුද්ධයේ ගොදුරක් බවට පත්වනු දකින්නට අවශ්‍ය වුයේ නැහැ. 2015 අගභාගය වන විට මාගේ මිතුරෙක් ඒ මාර්ගයෙන් ජර්මනිය වෙත ගියා.
ඔහු අදටත් මට ඔහු අනුගමනය කල මාර්ගයේ එන්නට යැයි පැවසූවත් මි දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.
ඇලෙප්පෝ නගරයේ ජීවත් වීම දිනෙන් දින අසීරු වන විට මට මාගේ නගරය අතහැර දමන්නට සිතුනත්,මාගේ නගරය මාගේ ශරීරයේම කොටසක් නිසා මට මාගේ නගරය අතහැර දමන්නට සිතුනේ නැහැ.මා සමග සිටි මාගේ මිතුරන් සමහරක් ඔවුන්ගේ සටනින් පැරදුනා.මා කිසි දිනෙක් ඔවුන්ට දොස් නගන්නේ නැහැ.නමුත් මේ අවස්ථාවේදී ඔවුන් මා සමග නොසිටීම පිලිබදව මට කනගාටුයි.මේ වන විට සිරියාවේ රුදී සිටීම එතරම් පහසු නැහැ.අපේ සටන කොයි වේලේ පරාජය වේද යන්න අපි හැම දෙනාටම ප්‍රශ්ණයක්.ඒත් සටන් කරන්නට අවශ්‍ය බාපොරොත්තුව තවමත් අපි සමග තියෙනවා.”
කෙසේ හෝ අවසානයේදී ඔහුද තමන්ගේ රට වෙනුවෙන් ඔහුගේ සටන පරාජය වුනා. නමුත් ඔහුගේ සටන සිරියානු වැසියන්ගේ මෙන් සමාජජාලා වල පිරිස්ගේ වඩාත් ගෞරවාදරවය පත් වුණා.විශාල පිරිසක් ඔහුව සිහි කරමින් වීදිබසිමින් ඔහුට තමන්ගේ අවසාන ගෞරව දක්වූයේ මේ ආකාරයෙන්…
චින්තිකා මිතිලායා
https://globalvoices.org ඇසුරිණි.