සිවරාම් 13 සැමරුම මඩකලපුවේදි !

0
151
batti fgbatti 2Batti 3සිවරාම් ඝාතනයේ 13 වන සැමරුම ඊයේ සවස් වරුවේ මඩකලපුවේ කතෝලික ධර්මඋපදේශ මධ්‍යස්ථාන ශාලාවේදි පැවැත්විණි.
ඒ ප්‍රදේශයේ ආගමික නායකන්ගේද මාධ්‍යවේදින්, දේශපාලන ක්‍රියාකාරින් සහ දකුණ නියෝජනය කරමින් සහභාගිව සිටි මාධ්‍යවේදින්ගේද සහභාගිත්වයෙනි.සිවරාම් සහ මාධ්‍ය නිදහස පිලිබදව සන්තෙවරාජා මහතා විසින් ලියන ලද පොත එලිදැක්විමද මෙහිදි සිදුවිය.රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කරන ලද දමිල මාධ්‍යවේදීන් 41 දෙනාගෙන් එකදු මාධ්‍යවේදියෙකු පිලිබදවත් පරික්ෂණ මේ දක්වා ආරම්භර නොතිබිම ගැන තම විරෝධය යහපාලන රජයට බරපතල ලෙසින් එල්ල කරන බව මේ සැමරුමට එක්ව සිටි දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ සිය අදහස් දැක්විම් වලදි අවධාරණය කර තිබුණි.
යාපනය මාධ්‍ය සමාජය ,නැගෙනහිර මාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.Batti 11davbatti fg12dav

dav

dav

dav

FG in BattiDAYAධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 13ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් තිබිණි. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර අධිආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.