රටපුරා සිසුන් සදහා ෆයිසර් එන්නත ලබා දෙමින් තිබියදි මිගමුවේදි කලින් මෙන්ම විවිධ වංචා දුෂණ සිදුවෙමින් ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
පාසැල් දරුවන්ට විදින්නට ඇති එන්නත් කුප්පු කිපය බැගින් ඒ පාසැල් වලින් ඉල්ලා ගෙන මිගමුව නගරාධිපතිගේ VIP ෆයිසර් ගැහිල්ලට උදව් කරන මිගමුවේ සෞඛ්‍ය ලොක්කෙකු ගැන මේ වන විටත් කරුණු වාර්තා වෙමින් තිබේ.
මෙසේ දිනපතා පාසැල් වලින් පන්නාගෙන එන ෆයිසර් එන්නත නගරාධිපතිට හිතවත්කම් ඇති අයවලුන්ට ලබාදිම මෙන්ම නගරාධිපතිගේ බඩියන් විසින් මේ එන්නත වැඩි ගණන්වලට විකිණිම ගැන විවිධ කටකථා නගර සභාව පුරාම පැතිර යමින් තිබේ.
මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විම් වලට වචනයක් කථා නොකර වාර්තා තබා ඇති අයෙකුගේ පුතෙකුද හොර පාරෙන් පැමිණ මිගමුව මහනගර සභාව තුලදි ෆයිසර් එන්නත ලබාගෙන ඇතැයි වාර්ථා වේ.