සීදුවේ දේශපාලන හෙංචයියෙක් කම්කරු කතකගේ ඔළුව පලයි !

0
353

සීදුව රාජපක්ෂ පුරයේ දේශපාලන හෙංචයියෙකු විසින් නිදහස් වෙළද කලාප සේවිකාවකගේ ඔළුවට දරුණු පොලු පහරක් ඒල්ල කර තිබිම හේතුකොට ගෙන ඇයව පසුගියදා දින 4 ක් පුරා රෝහල් ගතකර තිබුණි.
මේ තිරිසන් ප්‍රහාරය හේතුවෙන් මැහුම් 10 ඇගේ හිසට දමන්නට තරම් එය බරපතල තුවාලයක් විය.
නුවරඑළිය ප්‍රදේශයේ සිට පැමිණ වෙළද කලාපයේ රැකියාවක නිරතව සිටි වයස 22 ක තරුණියක් සිදුව රාජපක්ෂ පුරයේ නේවාසිකාගාරය නැවති සිට ඇති අතර ඇය නේවාසිකාගරය අසල කඩයකට ගොස් තිබුනේ අත්‍යවශ්‍ය බඩු කිපයක් මිළට ගැනිමටය.
මෙම කඩේ හිමිකරුවා ඇයට අසෝභන විහිළු කර තිබිම නිසා ඒ් ගැන ඇය විසින් නේවාසිකාගාර හිමියාට දන්වා තිබුණි.
ඒ් ගැන විමසිමට නේවාසිකාගාර හිමියා සහ කම්කරු කාන්තාව අදාල කඩ හිමියා හමුවිමට ගොස් තිබුන අවස්ථාවේදි කඩහිමියා විසින් මෙසේ පහර දිම සිදුකර තිබේ.
එපමණක් නොව මෙම කාන්තාව පවසන අන්දමට මෙම කඩහිමියා ඇයව බලහත්කාරයෙන් කාමරයකට දමා විවිධ ලිංගික හිරහැරකිරිමට පවා උත්සාහ ගෙන ඇත.
මේ ආකාරයෙන් හැසිරුන මේ කඩහිමියාට එරෙහිව සිදුව පොලිසියට පැමිණිලි කර තිබුණද අදාල කාන්තාව මිගමුව රෝහලෙන් පිටවි යන තෙක්ම ඔහුව අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබුනේ නැත.
අදාල කාන්තාව හා නේවාසිකාගාර හිමියා මාධ්‍ය හමුවේ කියා සිටියේ අදාල කඩහිමියා රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ආධාරකරුවෙකු බවය.
කෙසේ වෙතත් පහරදිමෙන් දින 5 කට පසුව කඩහිමියාව උසාවියට ඉදිරිපත් කොට ඇප ලබාදිමට පොලිසිය කටයුතු කර තිබේ.
වතුකරයෙන් පැමිණි අසරණ කාන්තාවකට චණ්ඩිපාට් දමා වනචරකම් කිරිමට ගිය කඩකාරයා සිය දේශාපලන සම්බන්ධකම් මත ඒ් ආකාරයෙන් වරප්‍රසාද ලබා තිබුන බව නම් ඉතා පැහැදිලිය.
රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ප්‍රබල ආධාරකරුවෙකු යැයි කියන මේ මැර වනචර මුදලාලි සුනිල් නැමැත්තෙකි.කම්කරු කතට මේ සියලු ජඩකම් කිරිමට සුනිල්ගේ බිරිද සහය දි තිබුන බව කම්කරු කාන්තාව මාධ්‍ය වෙත කියා සිටියාය.