සුජිත්ලා අළුත් ජිවිතයකට අඩිතාලම් දමයි !

0
388

මේ සමාජයේ රාජ්‍ය නිළධාරින්, දේශපාලකයන්, සහ ඇතැම් ගම්වල සිටින ජඩ සමිත පප්පලා එක්ව හවුල් වි අසරණ මිනිසුන් තලාපෙලන අන්දම ගැන කදිම සමාජ හරස් කඩක් මිගමුව දූව මෝරවලේ සුජිත්ගේ කථාව තුල අන්තර්ගතය.
තමන්ට හිමි නිවසේ තවදුරටත් විසිම අවදානම් බව දන්වා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් ලිඛිත නිවේදනයකට අනුව ඔවුන් එම නිවසින් පිටව ගොස් ඇත්තේ 2019 වසරේ ජුලි මාසයේදිය.
වෙරළ සංරක්ෂණ නිළධාරින් විසින් එදා ලබාදුන් ලිපියේද සදහන්ව ඇත්තේ මේ පවුලට රජයේ ඉඩමක් ලබාදිමට නිර්දේශ කරන බවය.
එතැන් පටන් සුජිත්ලාට මේ කියු රජයේ ඉඩම ලැබෙන තෙක් තැන් තැන්වල අසරණයන් ලෙසින් ලගින්ට සිදුවිය .
ඒ කාලය තුල මේ අසරණ දරුපවුලෙන් තවදුරටත් පළිගන්නට වලිකා සිදුවිම් එමටය.
මේ සියල්ල එසේ වෙද්දි මාධ්‍ය විසින් මේ අවනඩුව සමාජය හමුවේ තැබුනේ අඩුම තරමින් පල්ලියේ පියතුමා හෝ පැමිණ සුජිත්ලාගේ දුක සැප නොවිමසු අවස්ථාවකය.
මාධ්‍ය විසින් කරන ලද හෙළදරව්ව ඇස ගැටුණු ශ්‍රි ලංකාව මානව හිමිකම් කොමිසම සුජිත්ලා දුක දැක බලාගන්නටත් රාජ්‍ය නිලධාරින් අතින් සිදුව ඇති අතපසු විම් විමර්ශණය කරන්නටත් ඒ අනුව කටයුතු යෙදුණි.
ඒ අනුව මාස 2 කක් යන්නටත් මත්තෙන් සුජිත්ලාට ඉඩමක් ලබාදිමට මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.
තමන්ටම යැයි කියා මිගමුව පිටිපන මහවත්ත ප්‍රදේශයෙන් ලැබුන පර්චස් 4 ක ඉඩමේ ස්ථිර නිවසක් තනාගැනිමට මුදල් ලැබෙන තෙක් කුඩා පැල්පතක් හදාගන්නට මේ දිනවල සුජිත්ලා වෙහෙසෙමින් සිටි.
පරිපාලන අධිකාරියත්, දේශපාලන අධිකාරියත් සුජිත්ලාවට අත්හැර සිටියද සුජිත් සිය ආත්ම ශක්තිය නැතිකර ගත්තේ නැත..
ඔහු දිගටම සටන් කළේය.
ඔහුගේ හයියට ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදින් පිරිසක් සහ සමාජ දේශපාලන ක්‍රියාධරයන් පිරිසක්ද සිටියේය.
සුජිත්ලා ඒ අනුව දැන් අළුත් ජිවිතයකට අඩිතාලම් දමමින් සිටිති