සුදර්ශණි චන්ද්‍රිකාගේ පැත්ත ගනී.!

1
63

sudarshaniඑස්.බී. දිසානායක යනු කට නිසා කල්දේරම් බතේ රස බැලූ අයෙකු වන බවත් කානු කට නිසා සිරබත් කෑවද ඔහු මට්ටු වී නොමැති බවත් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ප්‍රකාශ කර ඇතැයි ලංකා ටෲත් වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි..

මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කාන්තාවන් දැනුවත් කිරීමට ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු නියෝජිත පිරිසක් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය. මාධ්‍යවේදීන් දිගින් දිගටම අසන ලද ප්‍රශ්නවලදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය සහ අනෙකුත් නියෝජිතවරියන් දැඩි අසීරුතාවයකට පත්ව සිටියදී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සම්බන්ධ කර අවිනීත ප්‍රකාශයක් කල  එස්.බී. දිසානායක ඇමතිවරයාගේ  ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් පල කල ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ මවකගෙන් කිරි බිව් කිසිදු ජීවියෙකු මෙවන් අවිනීත ප්‍රකාශයක් කිසිදා සිදු නොකරන බවයි.
lanka truth

1 COMMENT

Comments are closed.