සුදා හොට පටලවා ගනියි – චන්ද්‍රිකාට අපහාසය කිරීමට එරෙහිව කාන්තාවන් පාරට බසියි

0
88

රංගන ශිල්පියෙකු ලෙස කලක් ලංකාවේ ජනප්‍රිය චරිතයක් වූ සුදන්ත තිලකසිරි හොට බිම ඇනගෙන තිබේ. පසුගියදා ඔහු විසින් හිටපු ජනපතිනියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිදුකරන ලද අපහාසයක් හේතුකොටගෙනය.  ටියුබ් අවකාශය භාවිතා කරමින් චැනලයක්   පවත්වාගෙන යමින්  කිසිදු මාධ්‍ය සදාචාරයකට අඩංගු නොවන ආකාරයේ භාෂා  ශෛලියක් අනුගමනය  කරමින් ලංකාවේ දේශපාලනය ගැන ජනප්‍රිය ඕපාදුප ගැන කතා කරන සුදන්ත  හිටපු ජනාධිපතිනිය වන  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ද ඉතාම නින්දිත මෙන්ම අපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදුකර තිබේ. මෙම අපහාසයට එරෙහිව ඊයේ කාන්තාවන් පිරිසක් විරෝධතාවක් දක්වමින්  අගමැතිනියට ලිපියක් බාරදීමට ගොස් තිබුණ අතර එම කාන්තාවන්  අතර දේශපාලන හා සමාජ ක්‍රියාකාරිණියන්ද සිටියහ. සුදන්ත නමැති පුද්ගලයා සිය යූ ටියුබය හරහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිදුකරන අපහාසය මුලුමහත් කාන්තාවන්ටම සිදුකරන අපහාසයක් ලෙස පිළිගන්නා බවත් එහි සිටි කාන්තාවන් අවධාරණය කරයි. මෙම අවස්ථාවට සිවිල් සංවිධාන ක්‍රියාකාරිනී ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරියක් වන ප්‍රියංගනී අබේවීරී මහත්මිය ඇතුළු කාන්තා නායිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

සුදන්තගේ වැඩසටහනකට ඉතාම සංවරය පිළිතුරු දෙන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට නැවත සිය  යූ ටියුබ් චැනලය හරහා පිළිතුරු දෙන ඔහු අතිශය අශෝභන ආකාරයට චන්ද්‍රිකාට පිළිතුරු දෙයි. ආච්චි ලෙස ආමාන්ත්‍රණය කිරීම මෙතනදී අපහාසාත්මකව යොදාගෙන ඇති සුදන්ත චන්ද්‍රිකාගේ පුද්ගලික ජීවිතයටද මඩ ගසයි. මේවා කිසිසේත් දියුණු දේශපාලන සදාචාරයක් නියෝජනය කරන කිසිදු දේශපාලන ව්‍යාපාරයක්  අනුමත කරනවා ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිවරයාගේ පළමු දින කතාවේද අඩංගුව තිබුණේ සියලු ජාතීන්ට,ආගම්වලට මෙන්ම ස්ත්‍රීන්ට ගරුකළ යතු බවයි.එහෙන්ම වර්තමාන අගමැතිනියද ස්ත්‍රීවාදිනියකි. ඇය කිසිසේත් මෙම ක්‍රියාවන් අනුමත කරතැයි සිතිය නොහැකියි. සුදා මෙවැනි ජඩ මාධ්‍යයක් හසුරුවන්නේ මුදල් හම්භකිරීම වෙනුවෙන් විනා ජනමාධ්‍ය යන විෂයේ මුලකුරක්වත් දැනගෙන නොවන බව සහතිකය. ඔහුගේ කුණු -හරුප සමග මිශ්‍ර කරන දේශපාලන ඕපාදුප තලු මරන්නටද පාඨක පිරිසක් සිටින නිසා ඔහුට පවතින්නට වාසිදායක පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙවැනි යූටියුබ් පවත්වාගෙන යමින් විචාරශීලිත්වය වෙනුවට පුද්ලයින්ට මඩ ගසන කිසිදු හරයක් නැති තවත් යූ ටියුබ් නාලිකා බොහෝමයක් මේ රටේ ඇත. පසුගිය ආන්ඩුව සමයේ සම්මතකරවා ගත් මාර්ගගත ආරක්ෂන පනත තුළ මේවැනි පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීිමට නිතිමය ප්‍රතිපාදන මනාවට තිබේ. එබැවින් ඉදිරියේදී මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්  ක්‍රියාත්මක වනවා නම් එය සමාජයට කරන යහපතකි.

 

 

සුදන්තගේ වීඩියෝවට දැක්වූ ජනතා අදහස් –

මිනිස්සුන්ගෙ අඩු පාඩු තියෙනවා.ඒත් කැත විදියට තමන්ට හිතෙන හිතෙන විදියට ..අහන් ඉන්න හිරිකිත විදියට සුදා කතා කරනව..ඒක නරක ආදර්ශයක් …කමෙන්ට් දාන අයත් කුණු හරුපමයි ලියන්නෙ

අම්මෝ රටේ අහිංක දරුවන්ට කන්න නැහැ බොන්න නෑහැ.එවාට විසදුම් හොයන්න පාරට බහින්න එක මිනිහෙක් නෑ.දැන් පාරට බහින ප්‍රශ්න දැක්කාම

කකාකරන්න දන්නෙ නැතිව වෙනස හොයනවා. තමන්ගෙ අම්මාට කතාකරපු දවසට කට වාහගනි
සුදා නමි ජරාවක්ම තම , මකට මයික් අල්ලන්න ආපුවාම අමිමල එකතු වෙලා කතාකරන උගන්වන්න. සල්ලි එකතු කරගන රට පැන්න.