සුනඛ සුරතලෙකු පොළවේ ගසා ඝාතනය කළ සෙබළා රක්ෂිතයට ? මැක්ස්ගේ ඝාතකයාගේ තුවක්කුව තවමත් නිදැල්ලේ ?

0
199

Max 1අසල්වැසි ඥාති පවුල් දෙකක් අතර කාලයක සිට ආරවුලක් පවතින අතර, ඒ මැදට පැන සපාකෑමට පැමිණි එක නිවෙසක සුරතලේට ඇති කරන සුනඛයකු පිළිබඳව කෝපයට පත් නාවික හමුදා සෙබළකු,එම සුනඛයා දෙපයින් අල්ලා පොළොවේ ගසා ඝාතනය කිරීමේ සිද්ධියක් රංගල පොලිස් වසමෙන් වාර්තා වේ.

පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව නාවික සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා සෙබළා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් ශානක කලන්සූරිය නියෝග කළේය.

රංගල පොලිස් වසමේ මීඅංපහා ගම්මානයේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලකදී මෙම සිද්ධිය වී ඇත.
මේ අතර රටේ පුලුල් කථා බහකට පවා තුඩු දුන් සිදුවිමක් වු මැක්ස් නම් සුරතල් සුනඛයෙකු වෙඩිතබා ඝාතනය කරන ක්ලෙමන්ට් නම් වු හිටපු පොලිස් අධිකාරිවරයාගේ තුවක්කුව පවා තවමත් සොයාගැනිමට මිගමුව පොලිසියට නොහැකි වි තිබේ.
සැබැවින්ම මෙය මිගමුව පොලිසියේ පොලිස් ලොක්කන් ලැජ්ජාවට පත්විය යුතු කරුණක්ව තිබේ.
සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ මිනිමරුවෙකුගේ මිනිමරු ගිනි අවිය තවමත් මිගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ තිබිය හැක.
එය අති බිහිසුණු තත්වයකි.