සුනිල් සිල්වා රවී ජීවානන්ද සමඟත් ගැටෙයි

0
52

ඊයේ දළුවකොටුව ජනපද මාවතේ දී ,  සන්ධානයේ මන්ත‍්‍රී සුනිල් සිල්වා සහ විපක්ෂයේ  රවී ජීවානන් ද මන්ත‍්‍රීවරයා අතර ඇතිවී ඇති ආරවුලක් හේතුවෙන් කොච්චිකඬේ පොලීසිය විසින් රවී ජීවානන්ද මන්ත‍්‍රීවරයා ඇතුලූ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස අද දින උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ සුනිල් සිල්වා මන්ත‍්‍රීවරයාගේ කරේ තිබූ රත්තරන් චේන්  පට කඩාගැනීමයි. අද දින අධිකරණයේ දී එක් අයෙකුට රු 2000 බැගින් වන මුදල් ඇප සහ රු ලක්ෂ 2ක් බැගින් ශරීර ඇප ද රවී ජීවානන්ද මන්ත‍්‍රීවරයා ඇතුළු පුද්ගලයන් 7 දෙනාට නියම කර ඇත. ඉහත සිදුවීම තමන්ට එරෙහිව සිදුකළ බොරු චෝදනාවක් බවත් මෙම ආරවුල ඇතිවීමට හේතුවූයේ තමන්ගේ නිවස අසලම නා.මන්ත‍්‍රී සුනිල් සිල්වා විසින් කාර්යාලයක් පවත්වමින් සිය ප‍්‍රචාරක පෝස්ටර් ගලවමින් සිදුකළ බාධාකිරීම් සිදුකිරීම බව රවී ජීවානන්ද   මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියි.