සුපිරි කාර් වලින් සහ නගර සභා වාහන වලින් ගංජා ඇද්දේ කව්ද ?

0
85
You are here: Home » News » සුපිරි කාර් එකෙන් ගංජා ඇදල අහුවුනේ කව්ද ?

Israel grows medicinal marijuana in Safedමීගමුව කේරල ගංජා ලංකාවටම බෙදාහැරෙන ප්‍රධාන තිප්පොලක් ලෙස ප්‍රකටය. මේ ගංජා තොග මුහුදින් රැගෙන විත් ගොඩබැම සිදුකරනු ලබන්නේ කුට්ටිදුවේදි සහ බිච් පාක් එකේදි යැයි ප්‍රදේශවාසින් පවසා සිටින්නේ දැන් බොහෝ කලක සිටය.
රාත්‍රි කාලයේදි මේ ප්‍රදේශ කරා එන සුපිරි මෝටර්රථ වලින් මේවා ප්‍රවාහනය කරන බවත් සැලය.එපමණක්ද නොව ඇතැම් අවස්ථාවල කොළඹ හිතවතුන්ට ගෙන යන මාළු පෙට්ටි අස්සේද මේවා හැංගි කොළඹ ගිය බව දන්න කිදෙනෙක්ම අද මීගමුවට තරග කරන ලයිස්තුවවල ඉන්නවාද ?
මේ ගංජා බෙදාහැරිම දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙකුගේ පවුලක ව්‍යාපාරික කටයුත්තක් බවද දැන් බොහෝ කලකට පෙර පටන්ම  ප්‍රකටය.
වරක් 2014 වසරේදි එක්තරා දිනක මීගමුව පුරා පැතිර ගිය කථාවක සදහන්ව තිබුනේ මෙසේ ගංජා ප්‍රවාහනය කරමින් තිබුණ සුපිරි මෝටර් රථයක් අත්අඩංගවට ගෙන තිබුන බවත් පසුව මේ ගණුදෙනුව බේරාගෙන ඇත්තේ රථයේ රියදුරුව එහි වරදකරුවා කරමින් බවත්ය.