සුළු ආගමික දරුවන්ට අධ්‍යාපනයේ දී කුඩම්මාගේ සැලකිලි ?

0
200

වෙන්නප්පුව කතෝලිකයින් බහුතර ජනතාවක් වෙසෙන නගරයක් ලෙස  සැලකෙන අතර මෙම හේතුව ප්‍රෙද්ශයේ බහුතරයක් නොවන ආගම් අදහන පවුල් වල දරුවන්ට සිය  අධ්‍යාපනය  නිදහසේ කරගෙන යාමට  බලපෑ ඇති බව වාර්තා වේ. මෙහිදී බෞද්ධ ආගමික පුරවැසියන්ට වඩා ක්‍රිස්තියානි ආගමික ඇදහිලි වල නිරතවන පවුල් වල දරුවන්ට  වෙන්නප්පුව නගරයේ ඇති ප්‍රධාන පාසල් වල  ඇතුළත් වීමේදී අසමානතාවයන්ට මුහුණ දීමට  සිදුවෙන බව ඔවුන් නපවසති. ළමුන් ඇතුළත් කරගැනීම සඳහා පවත්වන මූළික සම්මුඛ පරීක්ෂණයේදී  කුඩා දරුවන්ගෙන් සිය ආගම කුමක්ද යන්න විමසන අතර ඔවුන් ක්‍රිස්තියානි ආගම් වල නම් එය ලේඛනගත කෙරේ. පසුව දරුවන් පාසලට තෝරාගැනීමේදී ඔවුන්ගේ නම් එම ලයිස්තුවෙන්  ඉවත්වන අතර  එයට හේතුව සඳහන් නොවන අතර එම පවුල් වල  සාමාජිකයන් පවසන්නේ හේතුව සිය ආගම බවයි.
දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී ආගම හෝ ජාතිය මුල්කරගත් කිසිදු චක්‍රෙල්ඛනයක් නොමැති අතර මෙම පදනම පාසල් වල බලධාරීන් විසින්ම ඇතිකරගත් සම්ප්‍රදායකි.
තමන්ගේ ප්‍රෙදේශයේ පාසලකට යාමේ ඇති අයිතිය සිය පුූද්ගලික ඇදහීම නිසා උල්ලංඝනය වනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි වන අතර අධ්‍යාපනය ලැබීමට සියලූම දරුවන්ට ඇති අයිතිය ද මෙයින් උල්ලංඝනය වේ.  මෙම ප්‍රශ්නය බරපතල වීමට බලපෑ ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම  ප්‍රධාන පාසල් වල විදුහල්පතිධූර දරන්නේ බහතරයක් නියෝජනය වන ආගමික නායකයින් වීම බවද මෙම සාමාජිකයන්  පවසති.  student_discounts_at_wonderla_parks_in_bangalore_and_kochi_cznpwk