සුළු ජාතින් අපහසුවට පත්කරන යෝජනා ගෙනා ආණ්ඩුවේ ලොක්කන් ඉල්ලන් කයි.

0
60

තමිල් නාඩුව තුල සිදුවෙමින් ඇති තත්වයන්  වලට එරෙහිව මීගමුවේ දමිල ව්‍යාපාරිකයන් සහ දමිල ජනතාව තමන්ට කිසිදු හිරිහැරයක් ලංකාවේදි සිදුනොවන බව ජාත්‍යන්තරයට පැවසිය යුතු යැයි කියමින් මීගමුව මහනගර සභාවට අද දින ඉදිරිපත්ව තිබු යෝජනාව ගැන විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් මහත් උද්යෝගයෙන් අදහස් කර තිබුනි.
මේ සියළු දෙනා පවසා තිබුනේ   නගරාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙවන් තේරුමක් නැති යෝජනා මින් පසු මහසභා න්‍යාය පත්‍රයට  එක් නොකළ යුතු බවය.
මේ යෝජනාව ඉදිරිපත් කළ සුනිල් සිල්වා මන්ත්‍රිවරයා මීපුර වෙබ් අඩවිය විසින් මේ පිළිබදව පළ කර තිබු පුවත දැක තමන් විමතියට පත්වු බවද පවසා ඇත.ඒ අප විසින් ඒ සදහා යොදා තිබු හෙඩිම ගැනය.
අප ලීෙව් ආණ්ඩු පක්ෂය දමිල ජනතාවට තර්ජනය කරන බවය.
අප නැවතත් අවධාරණය කරසිටින්නේ මේ යෝජනාවේ සැගවුන අරුත දමිල  ජනයා කඩ වසා පාරට පැමිණ බෝඩ් අල්ලා ගෙන ජාත්‍යන්තරයට අප ට කිසිදු හිරිහැරයක් නොවන්නේ යැයි පැවසිය යුතු බවය.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා මෙන්ම සුනිල් සිල්වා මන්ත්‍රිවරයාද දුරදිග නොබලා ගෙන ආ යෝජනාව නිසා බරපතල විචේචනයකට ලක්විය.
සුනිල් සිල්වා මහතා මහසභා රැස්විම අවස්ථාවේ නළළ අල්ලාගෙන කල්පනා කරන්නට ඇත්තේ තමන් පත්වු ලැජ්ජාව ගැනය.