සූත්‍රිකා පුහුණුව හෙදියන්ට අකැපද ?

0
89

article-2480170-19152C3700000578-775_634x4432014 අප්‍රේල් 02 වනදා  දිවයිනේ සියලූම මහජන සෞඛ්‍ය ආයතන වල පවුල් සෞඛ්‍ය සේවික නිලධාරීණියන් වැඩ වර්ජනයක් දියත් කල බව වාර්තා විය.
හේතුව  හෙද පුහුණුව සඳහා  ඇතුළත්ව ඇති ‘සූත්‍රිකා පුහුණුවට  විරෝධතාවයක් දැක්වීමටය.  හෙද සේවය සඳහා ‘සූත්‍රිකා පුහුණුව ද අද සිට ආරම්භ වූ  අතර  සූත්‍රිකා පුහුණුව ද ඇතුළත්  හෙද සේවය ජාත්‍යන්තරව පිළිගත් හෙද සේවයකි.
NTC  ආයතනයේ  ලබාදෙන හෙද පුහුණුවට ‘සුත්‍රිකා පුහුනුව, ඇතුල් කිරීමට විරෝධය දක්වන අනෙක් පාර්ශ්වය වන්නේ රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයයි. හෙද සේවයේ කුසලතාවය තවත් වර්ධනය වී  හෙදියන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය නැංවීම පිළිබඳව සතුටු විය යුතු වුවත් වෛද්‍යවරුන් මෙයට විරුද්ධ වන්නේ ඉතාම ගතානුගතික අාකල්පයකින් බව වෘත්තීය සංගම් හෙද නිලධාරිණයක් අප හා පැවසුවාය. එහි එක් කරුණක් වන්නේ  හෙදියගේ සේවය වඩාත් සමාජගත වන විට වෛද්‍යවරුන්ට ඔවුන්ව අභියෝගයක් විය හැකි බව ඔවුන් සිතන බැවින් හා ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිකාර සේවයට අභියෝගයක් ද වන බැවිනි.
හෙද සේවය සඳහා උපාධිධාරී පාඨමාලා නොතිබූ එකම රට ලංකාව පමණකි. යන්තම් මේ වනවිට එය ආරම්භ කර තිබීමද අපේ අනාගත පරපුරේ වාසනාවකි. හෙදියන්ගේ වෘත්තීය තත්ත්වය වර්ධනය වනවාට රජයේ වෛද්‍ය සංගමය අකමැති වන්නේ  තමන්ගේ  අගතිකාමී මානයන් නිසා බව හෙද සේවයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නන්ගේ මතයයි.
හෙදියන් සූත්‍රිකා පුහුනුව ලැබීම කවදත් සිදුවූ බවත් එය අලුතින් පටන් ගත් දෙයක් නොවන බවත් අපට අදහස් දැක්වූ හෙද සේවයේ වෘත්තීය සංගම් සාමාජිකාවක් පැවසුවාය. අනෙක් කරුණ වන්නේ මෙම පුහුණුව නිසා කිසිසේත්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වෘත්තියට ද තර්ජනයක් නොමැති බව ඔවුන් පවසයි.   පවුල් සෞඛ්‍ය සේවිකාවන් , හෙදියන් සූත්‍රිකා පුහුනුව ලැබීම පිළිබදව විරුද්ධ වන්නේ ඔවුන්ගේ රැකියා නැතිවේ යැයි බියෙන් වුවද ලංකාව තුළ තවමත් ඒ අකාරයේ ගැටළුවක් මතුවී නොමැත. පවුල් සේවිකාවන්ගේ විරෝධතාවය පිටුපස සිටින්නේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවද සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සමහරුන්ගේ අදහස වී තිබේ,
දැනට අවුරුදු ගණනකට පෙර ක්‍රියාත්මක වූ ප්‍රජා සෞඛ්‍ය හෙදිය  යන තනතුර මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර එම තනතුර තිබියදී මහජනතාවට සිදුවූයේ විශාල සේවයකි. ප්‍රජාවගේ ගේ මෙන්ම විශේෂයෙන් දරුවන්ගේ බෝවන රෝග සම්බන්ධයෙන් උපදෙස් දීම, එය වැලැක්වීම සඳහා කටයුතු කිරීම, හා ප්‍රතිකාර කිරීම ප්‍රජා සෞඛ්‍ය සේවිකාවගේ රාජකාරියයි. එවැනි සේවයක් ප්‍රජාවට ලැබෙනවා නම් අද අප සමාජය පීඩා විඳින  බෝවන රෝග ද සමාජයෙන් අතුගා යනු ඇත. නමුත් රජයේ වෛද්‍ය  සංගමය වැනි සංගම් වල සිටින වෛද්‍යවරු එවැනි තනතුරු යළි පිහිටුවනවාට ද කිසිසේ්ම කැමති වන්නේ නැත.
එයද ඔවුන් ගේ   පුද්ගලික වෛද්‍ය කටයුතු වලට පහරක් වන බැවිනි. මන්ද ප්‍රජා සෞඛ්‍ය හෙදියන් ගෙවල් ගානේ ගොස් නිවෙස්වල සිටින  දරුවන්ගේ ලෙඩ දුක් සුව කරන්නට ගියහොත් ගැන කැපෙන්නේ ද වෛද්‍යවරුන්ගේය.
බහුතරයක් වෛද්‍යවරුන් මහජනතාවගේ  මුදල් වලින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන, බටහිරින් ආ දැනුමද  ලබාගෙන වෛද්‍ය වෘත්තියේ සමාජමය කාර්්‍යභාරයේදී ගැමියන්  වීම අපගේ අවාසනාවකි.