සෙල්ලකන්ද පාරේ පුපුරාගිය ජල නලය යථාතත්වයට පත්කෙරේ…

0
110

පසුගිය 23 වන බදාදා දින සෙල්ලකන්ද පාරේ ජල නලයක් පුපුරා ගිය අතර අප මේ පිළිබඳව අපගේ වෙබ් අඩවියේ සටහනක් තබන ලදී. තවදුරටත් එය පිළිසකර කිරීම ප්‍රමාද වූ හෙයින් නැවත ඒ ගැන සිහිකැඳවීමක් ද

කරන ලදී. අපගේ පුවත විෂයභාර ඇමතිවරයාගේ අවධානයටද යොමුව තිබුණි. එය පිළිසකර කිරීමට හැකිවූයේ අද (27වන) දිනයේදී බව කිව යුතුය.සමහර විට එම ප්‍රමාදයට හේතුව නත්තල් නිවාඩුව විය හැක.

නමුත් මෙවැනි හදිසි ආපදාවකදී යම් වැඩපිළිවෙලක් , සූදානමක් තිබියයුතු බව පැහැදිළිය.
දින කිහිපයක් තිස්සේ මෙම ජලය ⁣අසල ඇති පෙත්තන් ඇලට ගලාගෙන ගිය අතර එය ප්‍රදේශවාසීන්ගේ පොදු ප්‍රශ්ණයක් සහ ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්ණයකි. මෙවැනි ගැටළුවකදී ඉන් නැවත පීඩාවට ලක් වන්නේ මෙම ජනතාවමය.

මෙවැනි හදිසි තත්වයකට මුහුණ දීම සඳහා යම් වැඩපිළිවෙලක් අදාල වගකිවයුත්තන්ට තිබිය යුතුය. එබැවින් එකී කාරණය අවධාරණය කරන අතර ප්‍රමාදවී හෝ මෙම ජලනලය යථා තත්වයට පත් කිරීම ගැන අදාල බලධාරීන් වෙත අපගේ ස්තුතිය පළ කරමු!

සැම්සන් ඥානසිරි