”සේයා” දැරියගේ ඝාතන සැකකරුට මීගමුව රෝහලේදි ප්‍රහාරයක් ?

0
58

JMo office 1JMO office 3JMO office 4JMO office 6JMO office 8JMO office 5
පසු ගිය දා කොටදෙණියාව අකරංග ගහ ප්‍රදේශයේදි  සිදූ වු සේයා සදෙවිමි දැරියගේ ඝතන සිද්දිය සම්බන්දව සැක පිට අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විශේෂ වෛද්‍ය පරික්ෂණයක් සදහා 25 දින මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධීකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරි පත් කෙරුනි
අදාල ප්‍රධාන සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  නිළධාරින් විසින් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිළධාරි විශේෂඥ වෛද්‍ය එම් එන් රුහුල් හක් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම මහතා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මගින් මෙම පරික්ෂණය සිදූ කෙරුණි
මෙම විශේෂ පරික්ෂණයේදී ලිංගික ක්‍රියාවලියේදී සිදූවිය හැකි බාහිර තුවාල හා පැහැර ගැනීම්  සිද්දියකදී පරිසරයෙන් ඇතිවිය හැකි බාහිර තුවාල හා සිද්දින් මෙම පරික්ෂාවට ලක්කර බව අධීකරණ වෛද්‍ය නිළධාරි වරයා පැවසන ලදි.
මෙම පරික්ෂණය කරණ අවස්ථාවේදි  මිගමුව රෝහල් භුමිය තුල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුනු අතර ප්‍රධාන සැක කරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් රෝහල් භුමියෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ  එම ස්ථානයේ සිටි පිරිසක් කැගෝ ගසමින් සැක කරු රැගෙන යන රථයට ප්‍රහරයක්ද එල්ල කර තිබුණි.
සටහන සහ ඡායා -පියපේම මාණික්රත්න