සේවක යොහාන් දේවානන්ද නික්ම යයි

0
59

fr.yohan
දශක හයක කාලයක් පුරා සමාජ සාධාරණත්වය, අන්තර් ආගමික අවබෝධය සහ ජාතික සමගිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සේවක යොහාන් දෙවානන්ද අද අළුයම සිය අවසන් හුස්ම පොද ශ්‍රි ලංකා වා තලයට එක් කළේ ය.

ශ්‍රී ලංකාවේ ධනවත්ම පවුලක උපත ලද සේවක යොහාන් දේවානන්ද එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු මව්රට පැමිණ 1950 ගණන් අවසානයේ දී කුරුනෑගල ඉබ්බාගමුව දේවසරණාරාමය සහ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය පිහිටුවීමෙහි ලා පුරෝගාමී විය. ඔහු සිය පාරම්පරික ධන සමපත් ඉවත ලා සාමාන්‍ය ජනයා සමඟ සිය ජීවිතය ගත කළ ආදර්ශමත් පූජ්‍යවරයකු විය.

ශ්‍රී ලංකාවේ සියලු ආගම් සහ මාක්ස්වාදය අතර සංවාදයක් ඇති කිරීමට උත්සාහ ගත් යතිවරයන් අතර සේවක දේවාන්නද ඉදිරියෙන්ම සිටි.

පසුගිය දශක හය පුරා ශ්‍රි ලංකාවෙහි පැන නැගුණු බොහෝ ප්‍රගතිශීලි වයාපාරයන්හි මූලිකයකු නැත්නම් ක්‍රියාධරයකු වූ සේවක දේවාන්නද ශ්‍රී ලංකාවේ බිහිවූ ආදර්ශමත් සමාජ සේවකයෙකි.

අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය කුරුනෑගල ඉබ්බාගමුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රයෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 7වන සඳුදා සවස 3.00ට සිදු කැරේ.
සටහන සුනන්ද දේශප්‍රිය