මීගමුව ඩීන් හන්දිය ආසන්නයේ පිහිටා ඇති ජිම් එකකට සේවය සඳහා ගිය සීදුව ප්‍රදේශයේ කාන්තාවක් , දැනට සති දෙකකට පමණ පෙර මෙම සිදුවීමට මුහුණ දී ඇත. වාර්තාවෙන පරිදි මෙම ව්‍යායාම කරන ස්ථානය පිහිටා ඇත්තේ එම ගොඩනැගිල්ලේ 03 වන මහලේ වන අතර මෙම කාන්තාව අලුතින් සේවය සඳහා එහි ගොස් ඇත. එම ජිම් එක පවත්වාගෙන යන පුද්ගලයා මෙම කාන්තාවගේ අතින් අල්ලා ඇයට ලිංගික බලහත්කාරකමක් කරන්නට උත්සාහා කළ අවස්ථාවේදී ඇය එම පුද්ගලයාව මගහැර එතැනින් පලා ගොස් මීගමුව පොලීසියේ පැමිණිල්ලක් කර ඇත. පසුව මීගමුව පොලීසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවද වාර්තාවේ.