”සොනාටා කල්බ් ” මීගමු ශාඛාවෙන් මීගමු රෝහලට පරිත්‍යාගයක්.

0
157

මීගමු රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට දැඩි අවශ්‍යතාවයක්ව පැවති ඇදුම්, මදුරුදැල් , දන්තාලේප, දත් බුරුසු සහ සබන් ඇතු`ඵ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ප්‍රදානය කිරීම මීගමු රෝහලේදී අද එනම් ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා දින සිදු විය.

මීගමු රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණි අබේසිංහ මහත්මිය විසින් කර තිබු ඉල්ලීම පරිදි මීගමුව සොන්ටා ක්ලබ්  සංවිධානය විසින් හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ප්‍රදානය සිදු කර ඇත. එමෙන්ම මීගමුව සොන්ටා කල්බ් සංවිධානය මගින් ලබන සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන දැවැන්ත සංගීත ප්‍රසංගයෙන් ලැඛෙන ආදයමින් සියයට දහයක ප්‍රමානයක් මීගමුව රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙනුවෙන් ලබා දීමටද තීරණය කර ඇත.
ඒ අනුව එම ඒකකයට අත්‍යවශ්‍යව ඇති වැසිකිලි සහ නානාකාමර කිහිපයක් ඉතා නුදුරේදීම එහි ඉදි කිරීමට නියමිතයි. මීගමුව ප්‍රදේශයේ සිටින විවිධ වෘත්තික සහ ව්‍යාපාරික කාන්තාවන්ටද තම සංවිධානය සමගින් එක්ව මෙවැනි සමාජ සේවාමය කාර්්‍යයන් වල නියැලීමට සොන්ටා කල්බ්  මීගමු ශාඛාව ආරාධනය කර සිටී.
මෙම ප්‍රදානය සිදු කල මෙම අවස්ථාවට එම සංවිධානයේ සභාපති ජැකී අපෝන්සු , ලේකම් මානෙල් බොතේජු , අධ්‍යක්ෂ ෂ්‍යාමා පෙරේරා සහ භාන්ඩාගාරික ෂයිණි කුමාරසිංහ එලෙසම මීගමු රෝහලේ මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අරුණි අබේසිංහ සහ වෛද්‍ය නිලධාරී ස්ටැන්ලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මාවීන් ඇතුzonata 1ඵ පිරිසක් සහභාගී වුහ.