සොහොන් ස්මාරකයක්වත් නැති දැයේ ගීත කෝකිලාවිය ????

0
98

රුක්මණි සොහොන2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබුණි.
ඒ   මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු ආනන්ද මුණසිංහ මහතා  ඇතුළු පුද්ගලයින් 07 දෙනෙක් විසිනි.
මේ ගැන අධිකරණය හමුවේ චෝදනා ලැබු මේ පිරිස  ඊට වන්දි වශයෙන් ස්මාරකය නැවත ඉදිකිරිමට රු ලක්ෂ 5 ක් රුක්මණිෙද්වි සංසදයට ලබාදුණි.එහෙත් එය නැවත ඉදිකෙරුනේ නැත.
පසුගිය 28 වෙනිදා ට යෙදුන රුක්මණිදේවියගේ  37 වන සැමරුම වෙනුෙවන් කොළඹදි උත්සවයක් සංවිධානය කර තිබුණි.
එහෙත් ඇගේ දේහය තැන්පත් කර ඇති මීගමුවේ පොදු සුසාන භුමිය තුල ඇයට පිදිය යුතුව ඇති ජාතියේ ගරුබුහුමන වෙනුවෙන් කිසිවක් අදටත් නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව පොදු සුසාන භුමියේ භාරකරු ලෙසින් සේවය කරන බන්දුල මහතා සදහන් කළේ හෙළ සිනමාවේ සහ සංගිත කලාවේ කෝකිලාවිය වු මීගමුවේ ඉපදුන රුක්මණිදේවි වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිමේ ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බවය,
රුක්මණිදේවියගේ ජිවිතයේ වැදගත් සංධිස්ථාන හා බැදුන ඡායාරූපද ඇතුළුත් යු පැරණි ස්මාරකයේ කැබලි දැන් පොදු සුසාන භුමියේ ගබඩා කාමරයක දමා ඇති බවත් දැන් එකි සොහොනේ ඇත්තේ නිකම් නිකම් කණු 4 ක්  බවත් කියා සිටියේය.රුක්මණි සෙහොන 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here