සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් යාත්‍රා පැහැරගන්නේ ඇයි ?

0
87

1E44B491-75D0-4772-A74B-ABD066B7DF68_cx0_cy3_cw0_w250_r1_s

සෝමාලියානු මුහුදු සීමාව හරහා ගමන් කරමින් සිටි ඉන්දියන් ධීවර යාත්‍රාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පසුගිය සෙනසුරාදා පැහැරගෙන තිඛේ. ඒ වනවිට මෙම යාත්‍රාවේ සේවකයන් 11 සිටි අතර නැව පැහැරගන්නා විට යේමනය සහ සෝමාලියානු සීමාව අතර පිහිටි දූපතක් අසලින් යාත්‍රාව ගමන් කරමින් සිට ඇත.
මුහුදු සමාගමක විධායක නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොල්ලකරුවන් විසින් යාත්‍රාව උතුරු සෝමාලියාවේ එයිල් ප්‍රදේශය වෙත රැගෙන යමින් තිඛෙන බවයි.
සෝමාලියානු  මුහුදු කොල්ලකරුවන් මාර්තු මාසයේදී අයිරිෂ් 13 නෞකාව පැහැරගත් අතර එහි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් ද සේවයේ නිරත වෙමින් සිටියේය.
මේ වනවිට සෝමාලියානු  මුහුදු කොල්ලකරුවන් ජාත්‍යන්තර නැව් ක්ෂේත්‍රයට තර්ජනයක් වී ඇති අතර සෝමාලියානු මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර රුකියාවේ යෙදීම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධයක් ද සෝමාලියානු ධීවරයන් අතර පැන නැගී ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිී.