සෞඛ්‍ය ඇමැතිකමට පොරයක්!

0
225
messenger sharing button
ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වෙනසක් වීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ
ආරංචි පැතිර යාමත් සමඟ එම ඇමැති ධූරය ලබාගැනීමට දේශපාලන පොරයක් හටගෙන ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු බව කියන ආචාර්යවරයකුද විපක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුද දැනටමත් නිල නොවන මට්ටමින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය. මේ දෙදෙනාම කලින් පැවති ආණ්ඩුවල සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් දැරුවෝ වෙති. කෙසේවෙතත් ජනාධිපති කාර්යාලය මේ දෙදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එසේ වුවත් මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය තනතුරක් දරන මන්ත්‍රිනියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පැවරීම සම්බන්ධයෙන් සූදානමක් ඇතැයි දැනගන්නට ඇත.

ඒ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය තනතුර ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

theleader.lk