සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මස්කඩ හිමියන්ගෙන් සතියකට රු 60000ක කප්පම් අරන් ?

0
70

Bribe-for-Passport-Police-Verificationමීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා මිගමුවේ මස් කඩ හිමියන්ගෙන් කප්පම් ගෙන ඇතැයි වාර්ථාවේ.
පිටින් ගෙන එන හරක් මස් කිලොවක් සදහා රුපියල් 10 ක කප්පම් මුදලක් අදාල නාගරික මන්ත්‍රිවරයා විසින් ලබාගෙන ඇතැයි යන රාවයක් ඊයේ දිනයේ පැතිර ගොස් තිබුණි.
රිෂාඩ් බදුදින් ඇමතිවරයාගේ පක්ෂයේ මිගමුව නියෝජිතයා වන අදාල මන්ත්‍රිවරයා මෙවර තමාට සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිධුරය අවැසි යැයි බලෙන්ම ඉල්ලා ගෙන ඇතැයිද සැලය.
මෙම කප්පම් ජාවාරමට තවත් මුස්ලිම් මන්ත්‍රිවරයෙකුද හවුල්බවට තොරතුරු මේ වන විට පැතිර යමින් තිබේ.
මස්කඩ හිමියන් මේ කප්පම් ව්‍යාපාරය ගැන දැනටමත් අදාල බලධාරින් සියල්ල දැනුවත් කර තිබේ.
මේසේ දිනකට පිටින් ගෙන එන මස් කිලො ප්‍රමාණය 700 ක් පමණ වන අතර සති අන්තයේදි මේ ප්‍රමාණය කිලෝ 1200 ක් පමණ වේ.
මේ අනුව අදාල මන්ත්‍රිවරයා දිනකට රු 7000 ක පමණ කප්පම් මුදල් මේ කාලය තුලදි උපයාගෙන ඇතැයි අනුමාන කළ හැකිව තිබේ.
දැන් එය නගර සභාව තුලත් ඉන් පිටතත් ප්‍රසිද්ධ රහසක්ව පවති.
සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුුතු කරන්නේ ඊම්ෂාන්  නැමැත්තෙකි.
සතියේ දින පහට පමණක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයාගේ කප්පම් අදායම රු 35000 කැයි අනුමාන කළ හැකිව තිබේ.
සති අන්ත වලදි ඔහු විසින් දළ වශයෙන් රුපියල් 25000 ක මුදල් කප්පම් ලෙසින් උපයා ඇතැයි අනුමාන කළ හැක්කේ සෙනසුරදා සහ ඉරිදා දිනවලදි දළ වශයෙන් මස් කිලෝ 2500 ක් පමණ පිටතින් ගෙන ගෙන බැවිනි.
මේ අනුව ඔහුගේ සතියක මස් කඩ හිමියෙන්ගෙන් ලබන  ආදායම රු 60000ක් පමණ වෙතැයි අනුමාන කළ හැකිව තිබේ.
මේ කප්පම් ජාවාරමට නියෝජ්‍ය නගරාධිපතිවරයාද හවුල් බවටද රාවයක් පවති.
මිගමුව නගර සභාව යනු කප්පම් ගුහාවකි. එහි කප්පම් නොගන්නා කෙනෙකු නැතිතරම්ය..
මේ බරපතල තත්වය පිළිබදව ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමතිධුරයක් දරන රිෂාඩ් බදුදින්ලා කියන්නේ කුමක්ද ?
මිගමුව මහනගර සභාවේ අදාල අනිකුත් බලධාරින් මේ ගැන කොයිතරම් කාලයක් නිහඩව සිටියේද ?