සෞදියේ රැදවුම්කරුවන් පිළිබදව විරෝධතා…

0
105

සවුදි අරාබියේ රැදවුම්කරැවන්ගේ පවුල් තම ආදරණියයන් වෙනුවෙන්  රැදවුම්කරැවන්ගේ  තුන්වන දිනය පසුගිය දා පවත්වනු ලැබිණි.ඔවුන් එලෙස පෙලගැසුණේ තවමත් සාධාරණ පරීක්ෂණයකටවත් ලක්කර නොමැති තම ආදරණීයයන් වෙනුවෙනුයි.ජුලි 7වැනි දින පැවැත්වූ මෙම දිනය සංවිධානය කර තිබුණේ නිර්නාමික සංවිධානයක් විසිනුයි.saudi

සවුදි අරාබිය යනු දැනට රාජාණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් අතලොස්ස අතරින් එකක් සහ හේතු රහිත රදවාගැනීම් 30 000ක්ද ඇතුළුව දරැණු මානව හිමිකම් වාර්ථා සහිත රටකි.

එරට රාජ්‍ය පුරාම රදවාගැනීම් වලට ලක් වූ අයගේ පවුල වල සාමාජිකයින් තම ආදරණියයන් වෙනුවෙන් පිංතූරැ සහ විරෝධතා පුවරැ ප්‍රදර්ශණය කරමින් මෙම දිනයට සහභාගී විය.පළමු සහ දෙවන දිනයේදී මෙන් නොව තුන්වන දිනයේදී ආරක්ෂක අංශ විසින්  මෙම විරෝධතා පුවරු එරට පාලම්වල එල්ලීම වළක්නු පිණිස ආරක්ෂා කරණු ලැබුණි.එලෙසම මෙම සිරකරැවන්ගේ නිදහස්වීම පිළිබඳ අදහස් රැගත් බිත්ති පවා නැවතත් පිංතාරු කරණු ලැබිණි.

මෙම ක්‍රියාවලියේදී වැඩිපුරම අවධානය දිනාගත් පවුල වූයේ අබ්දුල්ලා අල් අයප්ගේ  (Abdullah Al-Ayaf) පවුලයි.ඔහු දැනට අවුරැදු 6ක් හේතු රහිතව සිරගතව සිටින්නෙකි. ඔහුගේ ඡායාරෑප තම නිවස ඉදිරිපිට ප්‍රදර්ශණය කරමින් විරෝධතාවය පළ කල ඔහුගේ පවුලේ සමාජිකයන්ව වටලනු ලැබූ එරට පොලීසිය සහ රහස් පොලීසිය ඔවුනට බැන වදිමින් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රියාව නවත්වන ලෙසයි. නමුත් ඔහුගේ බිරිදපොලීසියට ප්‍රකාශ කර සිටියේ මෙම විරෝධතාව තමන් පවත්වන්නේ තම ස්වාමිපුරැෂයා නැවත ලබා ගැනීමට බවත් ඒ නිසා පොලීසියේ මැරයන් තමන් වෙත නොඑවන ලෙසත්ය.
එලෙසම මෙම සිද්ධිය  අබ්දුල්ලා අල් අයප්ගේ පුතෙකු වන යසර් විසින් වීඩියෝ ගතකරන් ලදව එම අවස්ථාවේදීම යූ ටියුබ් (you tube) වෙබ් අඩවියට එක් කරනු ලැබිණී. මෙම ක්‍රියාව නිසා තවත් කැළබීමට ලක් වූ එරට පොලීසිය මෙම පවුලේ සාමාජිකයන්ට තර්ජනය කරමින් කියා සිටියේ මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසටයි. නමුත්  අබ්දුල්ලා අල් අයප්ගේ  පුත් යසර් ප්‍රකාශ කර සිටියේ  තම පියාව මෑතකදී හෝ ඉදිරියේදී නිදහස් කරනු ඇති බවත් තමන් මේ දෙය කරන්නේ ඔහු වෙනුවෙන් නොවන බවත් තමන් වීරයෙකු නොවන බවත් ඉදිරිය අදුරු නිසා අපි මේ වෙනුවෙන් දැවි යන්නේ නැතිනම් ඉදිරියට ආලෝකය දෙන්නේ කවුරැන්ද යනුවෙනි.
 
http://www.youtube.com/watch?v=eKDgJGYZdkc&feature=player_embedded#at=170
(ග්ලෝබල් වොයිස් ඇසුරිනි)