හමුදාවේ බැජ් ගැලවෙයි

0
86

‍දංකොටුව නගරයේ දී හමුදා නිලධාරීන්ට තමන්ගේ නිල ඇදුමේ තිබූ නම් සහිත බැජ්
ගැලවීමට සිදුවූයේ එක් ව්‍යාපාරික මහතෙකු නිසාය. මේ සිදුවීම සිදුවූයේ දංකොටුව
නගරයේදී වු අතර එදින පාර පළල් කිරීමට අවශ්‍ය දෙපස ඇති ගොඩනැගිලි ඉවත් කිරීම සදහා
එක්තරා ව්‍යාපාර මහතෙකුගේ ගොඩනැගිල්ලක් හමුදාව පැමිණ ඉවත්කරන්නට
පටන් ගෙන ඇත.
එම අවස්ථාවේදි මෙම ගොඩනැගිල්ලේ හිමිකරු විසින්  විමසා ඇත්තේ මෙලෙස
ගොඩනැගිලි කඩා ඉවත්කරන්නට ඔබල‍ා හට ලිඛිත අවසරයක් තිබෙනවා ද යන්නයි. නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ  උසාවි නියෝගයක  හෝ තිබෙනවාදැයි ඔහු දිගින් දිගටම ප්‍රශ්න කර
ඇති නමුත් ඒ සදහා පිළිතුර වී ඇත්තේ එහෙම කිසිම අවසරයක් නෑ , අපි හමුදාවෙන්
කියලා පේනවා නෙේ කියායි. පසුව  මෙම ව්‍යාපාරික මහතා විසින් ‍එම අවස්ථාවේදී
දංකොටුව පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ පැමිනිල්ල දමා ඇත්තේ එතැන සිටි හමුදා නිලධාරියෙකුගේ නිල ඇදුමේ සදහන් කර තිබු නමට වන අතර ඔහු පොලීසියේ සිට නැවත එම ස්ථානයට පැමිණි විට සියලූම හමුදා නිලධාරින් විසින් සිය නිල ඇදුමේ තිබූ නම් සහිත බැජ්
ගලවා ඉවත්කරගෙන ඇත.