“හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප” – ගරු ශිරාන් පියතුමන් ගැන මතක සටහනක් …..

0
901

Fr.shiran 10Fr.shiran 8Fr.shiran 5දුවන්න, පනින්න, එහෙත් පව් නොකරන්න …. සැලේසියානු තේමාව ඔස්සේ ගමන් කරමින් තාරුණ්‍යයේ පියා හා ගුරුවරයා යන උත්තුංග නාමයෙන් පිදුම් ලද බොස්කෝ පියාණන්ගේ මග හසර අනුව ගිය ගරු අජිත් ශිරන් කැරැව්ගොඩගේ පියතුමන් අප සැමගේ දෙනෙතට කදුලක් එක් කරමින් සමුගත්තේ පිපාසිත තාරුණ්‍යය සංසිදුවලමිනි.

දොන් බොස්කෝ තුමන් පැවසු පරිදි සැම හට සැමවිට මිතුරෙක් වෙමින් සෙනෙහස සොයා ඔබ මොබ සැරිසරන දරුවනට ආදරණිය පියකු වෙමින් පිතෘත්වය තුල කැටි වූ රැකවරණය තුල උණුසුම දෙන්නට ඇපකැප වුයේ තම දිවිය පරදුවට තබමිනි.

ගතවන සෑම මොහොතක්ම අපතේ නොයවමින් උදා වෙන සැම දිනයක්ම පලබරිතව නිමා කරන්නට අයෝමය සවියක් වූ ශිරාන් පියතුමා අප සැමට රහසින් දෙනෙත් පියා ගනු ලැබුවේ සදාතනික ජිවිතයේ පහස විදිනු පිණිසය.

ක්‍රිස්තියනින්ගේ පිහිට මෑණියන් කෙරෙහි අචල විශ්වාසය ගොඩනගා ගනිමින්ද දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරහි තිර ඇදහිල්ලෙන්ද ශක්තිමත් වුයේ තමන් හට බාරදුන් බැටළු රැළ මග පෙන්වන සැබෑ එඩේරෙකු විමේ පරම අභිලාෂයෙනි.Fr.shiran 9

අයාලේ යන බැටළුවන් තම බැටළු රැළට එක් කර ගනිමින් නියම දුරදර්ශි නායකත්වයක් තුලින් තම බැටළු රැළ සුනිල් තණ බිම මත සතපවන්නට දැරූ අයෝමය සවිය ඇති ප්‍රබලය.

ජිවිතයේ සුන්දරම අවධිය වන තාරුණ්‍යයට නව පණක් පොවමින් තරුණ ජවයට තවත් ජවයක් එක් කරමින් ක්‍රිඩාව තුළින්, සංගීතය තුළින් තාරුණ්‍යයේ මියුරු නදට සංවේදී දෙසවන් යොමු කර ජීවිතය රස විදින්නට මාවත එළි පෙහෙළි කරන්නට ඔබ ලවණක් සේ වැයවූ ආකාරය ඉතා ප්‍රශංසනීයයි පියතුමණි.

තරුණ ජීවයන් පණපොවමින් තාරුණ්‍ය තුළ ගැබ්වූ වටිනාකම් දස්කම් විස්කම් එළි පෙහෙළි කරමින් අදුරු බලවේග සිදබිද දමමින් දීප්තිමත් තාරකාවන් මෙන් බබළන්නට පෑ පහන් ටැබ ඔබයි ශිරාන් පියතුමෙණි.Fr.shiran 6

කැලේ පිපුණු මල් කැලේට පරවෙන්නට ඉඩ නොදී දසත සුවද විහිදුවාලන පියුමන් සේ දසත පිපෙන්නට අපගේ පුංචි දරුවන් හට මාවත පෙන්වුයේ දැඩි ප්‍රේමයකිනි.ළමා සමාජයන් ආරම්භ කරමින්, විදි දරුවන් හට නව ජිවිතයක් දෙමින් නැණ නුවණ පහදා දෙන්නට ළමා සුරැකුම් මධ්‍යස්ථාන, සවස පන්ති තරුණ සමිති, යනාදී නොයෙකුත් මෙහවරයන් කලේ දැඩි අධිෂ්ටානයකිනි.Fr.shiran 7

දහම් පාසලේ දුවා දරුවන්ගේ අධ්‍යාත්මික පෝෂණය කෙරෙහි මනාව ගතසිත යොමු කල පියතුමා දරුවන් හට භාවනාත්මක වැඩසටහන්, «dනකන්ති සම්මේලන, වැඩමුළු යනාදී සියල්ලම සංවිධානාත්මකව ගොඩනැගුයේ සැලේසියානු ස්ප්‍රිතුව තුල ගැබ්වූ මහා නිධානය බදුවූ ආත්මයක් ගලවා ගැනීමේ ප්‍රයත්නය දෙගුණ තෙගුණ කරන්නටය.

ආත්මය පමණක් මට දෙන්න. අන් සියල්ල ඔබ ගන්න” යන උතුම් චේතනාව හිතැතිව සැම මොහොතකක්ම ගත කල පියතුමා අබ්බා පියාණන්ගේ දේව හඩ ට විවෘත වූ බවට කදිම උපහැරනකි.

කාර්මික පාසැල තුල ඩු දරුවන් හට නායකත්වයේ fm%!Vතත්වයතුල ජීවිතය ජයගන්නටත් කාර්මික හා තාක්ෂණික දැනුම තුලින් ජාත්‍යන්තරය දෙස පියනගන්නට මග හසර පෙන්වූ පහන් තාරකාව අද නිවී ගොසිනි.

ලොවේ පහස ලබන්නටත් මත්තෙන් මව් කුසයේ පටන් තෝරා ගෙන දිවැසිවර මග යමින් කිතු පෙමට සාක්ෂි දරන්නට එතුමන් දැරූ වෑයම මල්පල ගැන්වුවාට සැක නැත. අයුක්‌තියට, අසාධාරණයට එරෙහි වෙමින් වැටෙන වාරයක් පාසා නැගිටින්නට බාධාවලට ද බාධා ගෙනදී ජිවිතයේ යථාර්ථය වටහා ගත් අප ඇදුරානන් මේ වන විටත් සමිදුන්ගේ රාජ්‍යයට පිවිසි ඇති බවට සක්සුදක්සේ පැහැදිලිය.

අපමන දුක් ගැහැට පැමිණියද සමිදුන් තුලින් ශක්තිමත් වෙමින් දොන් බොස්කෝ පියකු ලෙස අනුවර්තනය වෙමින් සිනහවේදී මුව විවර කර නිර්ලොභිව සිනහවෙන් ලොව පුබුදු කරන්නටත්, දෝර ගලමින් කදුළු සලන දුක්බරිත සිත් තුල මිරිකෙමින්ය. එම වේදනාව හා සංවේදී වූ අයුරු සුනමී විවසනයේදී දුටුවේ තවත් ශෝකී අත්දැකීමකට මහුණ පාමිනි.

අරමුණක් නැතිව ගමන් කල ජිවන නෞකාවේ හබලක් වෙමින් නැවත ජිවන නදිය තරණය කරන්නට අවියක් වූ අයුරු අපගේ දෙනෙතින් දුටුවෙමු.

සකළ ජාතින් මාගේ ගෝලයන් කරන්න” යන දේව හඩට අවනත වෙමින් තමන් හට බාරදුන් පුජකීය කැද්විම තුළ සාක්ෂි දෑරු ශිරාන් පියතුමා ඉටු කල මෙහෙවර පවසා නිම කරන්නට නොහැකි තරම් සුවිසල්ය.

නිවාරණයේ පිළිවෙත ඔස්සේ ගමන් කරමින් අත්ත මිදී වැල හා සබැදි වෙමින් බොහෝ පල දරමින් එම අත්ත මේ වන විට වියලි ගොසින් හමාරය. ජිවිතයේ යථාර්ථය අවබෝධ කර දෙමින් තාවකාලික වූ මේ දිවියට සමුදිය යුතුමය යන ලෝක ධර්මය පසක් කරදෙමින් දෙනුවන් පියාගත් අප පියාණන් අප සැමගෙන් දුරස් වුයේ අප හදවත් තුල සදා නොමැකෙන අමරණීය, ආදරණිය වූ මතක සටහන් සනිටුවන් කරමිනි.

පාපයට වඩා මරණය උතුම්” යන පරමාදර්ෂි වදන සැලේසියානුවන්ගේ දිවි මඩල තවත් ඒකා ලෝක කරන්නකී. අස්ථිර වූ වාසභවනයන් ලෞකික වූ සියලු සැප සම්පත් වල අස්ථිර බව අපට මනාව කියා දෙමින් සදාතනික ප්‍රේමයාණන් තුළ දිවිගෙවන ස්වර්ගීය වාසභවනය වෙත පියමං කළ අප පියාණන් හට මෝක් සුව අසිරිය ප්‍රාර්ථනා කරමු.

පියතුමණි ඔබට සුභ ගමන් …..

දිස්නා වාස්

ඒත්තුකාල.