හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන සදහා විශේෂිත ණය හා ලීසිං පහසුකම්

0
276

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පිපල්ස් ලීසිං සහ සමාගම හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන සදහා විශේෂිත ලීසිං හා ණය පහසුකම් ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. ඔවුන් මෙම හදුන්වාදීම සිදුකර ඇත්තේ හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමට සිය දායකත්වය ලබාදීම අරමුණු කරගෙනයි.

මෙම නවතම පහසුකම් යටතේ ගණුදෙනුකරුවන්ට ඕනෑම වාහන ආනයනකරුවෙකු වෙතින් තමන්ගේ වාහනය තෝරාගත හැකි අතර ලීසිං හෝ ණය නැවත ගෙවීමේ කාලය වසර 7ක් දක්වා ලබාදීමට පීපල්ස් ලීසිං සමාගම තීරණය කර ඇත. ඊට අමතරව තමන් මිලදී ගන්නා ඉලෙක්ට්‍රික් හෝ හයිබ්‍රිඩ් වාහනයේ වටිනාකමින් 70% සිට 90% දක්වා ලීසිං ණය ලබාගැනීමේ පහසුවද ගණුදෙනුකරුවන්ට හිමිවන අතර එම මූල්‍ය පහසුව එක් දිනක් ඇතුලත තම ගණුදෙනුකරුවන්ට සැපයීමේ පහසුකමද පීපල්ස් ලීසිං සමාගම සලසා ඇත.

පරිසර හිතකාමී වාහන භාවිතය සදහා ජනතාව යොමුකිරීමේ අරමුණින් තවත් විශේෂිත වාසි ගණුදෙනුකරුවන්ට හිමිවන අතර ඒ අනුව වාහන ලියාපදිංචිය නොමිලේ සිදුකරගැනීමේ අවස්ථාවද හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් ගණුදෙනුකරුවන්ට හිමිවන අතර ඉන්ධන ටැංකිය පුරවා ගණුදෙනුකරුවන්ට භාරදීමටද පීපල්ස් ලීසිං සමාගම තීරණය කර ඇත.