හරක් හොරෙක් වෙන්නප්පුවේදි මාට්ටු ?

0
62
හරක් 2තම නිවසේ මාපියන් විසින් බලාගත් එළදෙනක් හොරකම් කර හොර රහසේ මස් කඩයකට විකුණු පුද්ගලයෙක් හා එම එළදෙන මිලදි ගත් මස්කඩ හිමියෙක්ව සැකපිට ඊයේ 05 සවස අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය පැවසීය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ගල්බැම්ම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් හා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මස්කඩ හිමියෙකි මෙම තරුණයාගේ මා පියන්ට අසල්වැසි නිවෙස් හිමියෙක් විසින් හදාගැනිමට ලබාදුන් එළදෙනක් මෙලෙස සොරකම් කර මස් කඩයට විකුණා ඇතැයි පොලිසිය කීය එම තරුණයාගේ මාපියන් හා එළදෙනගේ අයිතිකරු විසින් එළදෙනගේ නැතිවීම පිළිබඳව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකල පරික්ෂණයක් අනුව එම තරුණයාහා මස්කඩ හිමියා අත් අඩංගුවට ගත් බවත් එම එළදෙන විකුණා ලැබු මුදල්වලින් ඔහු තම යතුරුපැදියේ ලීසිං වාරිකය ගෙවා ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පැවසීය
චන්දන ප්‍රනාන්දු